×

NEURALINK CHIP මිනිස් මොළයට සාර්ථකව බද්ධ කළ බව ඉලෝන් මස්ක් කියයි!

ඉලෝන් මස්ක්ට අයත් නිවුරා ලින්ක් සමාගම මිනිස් මොළයට මෙලෙස දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් සවිකළ ලොව ප්‍රථම සමාගම බවට පත් වනවා.


සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):රැහැන් රහිත දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් මිනිස් මොළයට සාර්ථකව බද්ධ කළ බව ඉලෝන් මස්ක් නිවේදනය කරයි.

ඉලෝන් මස්ක්ට අයත් නිවුරා ලින්ක් සමාගම මිනිස් මොළයට මෙලෙස දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් සවිකළ ලොව ප්‍රථම සමාගම බවට පත් වනවා.

අදාළ ශල්‍යකර්මයට භාජනය වු රෝගීයා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව ඉලෝන් මස්ක් සදහන් කරයි.

මෙමම දත්ත ගබඩා කිරීමේ දෘඩාංගය හරහා මිනිස් මොළය පරිගනක වලට සම්බන්ධ කිරීමට හැකියාව හිමිවන බව ඔහු තවදුරටත් පෙන්වා දෙනවා.

මෙම පර්යේෂණ කටයුතු සදහා වසර ගණනාවක සිට උත්සහ කළ ද ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය අවසර ලබානොදුන් අතර පසුගිය මැසි මාසයේ දී ඊට අවසර හිමිවිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි