×

ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂය පෙරට!

ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයෙන් බහුතරයක් ලබා ගැනීමට මැරීන් ලේ පෙන්ගේ ජාතික පක්ෂය සමත් වී ඇත.


සටහන – රෂිකා හෙන්නායක ජූලි 01 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ප්‍රංශයේ මැතිවරණයෙන් එරට අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂය පෙරමුණ ගැනීමට සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි!

ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයෙන් බහුතරයක් ලබා ගැනීමට මැරීන් ලේ පෙන්ගේ ජාතික පක්ෂය සමත් වී තිබෙන අතර, එහි ආධාරකරුවන් ප්‍රීති ඝෝෂා නගමින් ජයග්‍රහණය සමරන ආකාරය එරට මාධ්‍ය විකාශය කළා.

සමස්ත ඡන්දවලින් 33.2%ක් දිනා ගැනීමට ජාතික පක්ෂය සමත්ව ඇති අතර, වාමාංශික සන්ධානය 28.1%ක් ලබා සිටින අතර, එම්මානුවෙල් මැක්‍රොන්ගේ සන්ධානය 21%ක ප්‍රතිශතයක් ලබා පසුපසින් සිටින අතර, ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයක පළමු වටයෙන් අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂය මීට පෙර කිසි දිනක ජයග්‍රහණය කර නැති බව පැවසේ.

කෙසේ වෙතත් මැතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වන්නේ ආසන 577කින් යුත් ජාතික සභාවේ ආසන 289ක බහුතරයක් ලබා ගැනීම පමණක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි