×

මුගාබේගෙන් පසු සිම්බාබ්වේ ජනපති මනන්ග්වා, අභියෝගාත්මක දින 100 පසුකරයි

වසර 40 කට ආසන්න මුගාබේ පාලනයෙන් පසු ඔහු රටේ ජනපති විය.


 වසර 40 කට ආසන්න මුගාබේ පාලනයෙන් පසු සිම්බාබ්වේ පාලකයා ලෙස පත්වූ එමර්සන් මනන්ග්වා රටේ ආර්ථිකය දියුණු කිරීම සහ දූෂණ පිටුදැකීම සම්බන්ධව උත්සාහයක් ගනිමින් සිටින බව වාර්ථාවේ. ඔහු පවසන පරිදි ‍මුගාබේගේ පාලන සමයේ ඇති වූ ආර්ථික අවපාතය මෙන්ම විරැකියාව, දුප්පත්කම වර්ධනය වීම සහ මානව හිමිකම් අර්බුදයන් රැසකට මුහුණ දීමට සිදුව තිබීම මෙයට හේතුවයි.

 මේ වනවිට ඔහු බලයට පැමිණ දින 100ක් ගත වී ඇති අතර පිළිබඳව බලාපොරොත්තුවක් පවතින බව පෙනී යයි.

තමන් රට නැවත ගොඩ නගන බවටද , රැඩිකල් වෙනසක් රටේ ඇති කරන බවටද නිදහස් හා සාමකාමී මැතිවරණයක් ලබන සැප්තැම්බරයේ පවත්වන බවටද මනන්ගාවා බලයට පත් වූ වහා ප්‍රකාශ කර සිටිෙය්ය. මේ වනවිට ඔහු බලයට පැමිණ දින 100ක් ගත වී ඇති අතර පිළිබඳව බලාපොරොත්තුවක් පවතින බව පෙනී යයි. දින 100ක කාලය තුළ ආර්ථිකය නැංවීම සඳහා විදේශ ආයෝජන සඳහා යොමුවීම, මානව හිමිකම් ආරක්ෂාකිරීමේ වැඩපිළිවල මෙන්ම දූෂණ අවම කිරීමටද ඔහු විසින් පියවර රැසක් ගෙන ඇත. ඔහු බලයට පැමිණී පසු සිමිබාබ්වේ හි දරුවන් සහ වැඩිහිටියන් සඳහා නොමිලේ ඖෂධ සහ සෞඛ්‍ය පහසුකම සැපයීම ඇරඹිණි. එමෙන්ම ඉන්ධන මිල පහත දැමීමටද පියවර ගෙන ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි