×

පාසැල් සිසුවියන් සදහා නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමට එංගලන්ත රජය තීරණය කරයි

නොමිලේ සනීපාරක්ෂක නිෂ්පාදන සදහා ප්‍රවේශය ලබා දුන් ප්‍රථම රට බවට ස්කොට්ලන්තයයි.


එංගලන්තයේ ද්විතීයික සහ සාමාන්‍ය විද්‍යාල ශිෂ්‍යාවන් සදහා නොමිලේ සනීපාරක්ෂක නිෂ්පාදන ලබා දීමට එරට රජය තීරණය කර ඇත. ඒ සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට හැකියාවක් නොපැවතීම හේතුවෙන් ආර්ථව දිනවලදී ඇතැම් පැසැල් ශිෂ්‍යාවන් පාසැල් නොඑන බවට ගුරුවරුන් විසින් රජයේ අවධානය යොමු කළ පසුවයි.

අමාත්‍ය පිලිප් හැමනන්ඩ් පසුගියදා එරට අයවැය යාවත්කාලීන කිරීමේ සංවාදයකදී පවසා සිටියේ ”‍

“සනීපාරක්ෂක නිෂ්පාදන ලබා ගැනීමට ඇති නොහැකියාව හේතුවෙන් ඇතැම් ගැහැනු ළමයින්ට පාසල් පැමිණීමට නොහැකිවීම පිළිබඳ ප්‍රධාන ගුරුවරුන්ගේ පැමිණීලිවලට ප්‍රතිචාර වශයෙන්, ඉදිරි පාසල් වර්ෂයේ සිට එංගලන්තයේ ද්විතීයික පාසල් සහ විද්‍යාලවල නොමිලේ සනීපාරක්ෂක නිෂ්පාදන සැපයීම වෙනුවෙන් අරමුදල් සැපයීමට මම තීරණය කර ඇත්තෙමි.” යනුවෙනි.

ආර්ථවය පිළිබදව නිර්මාණය කරන ලද ඉන්දීය කෙටි චිත්‍රපටයක් සදහා ඔස්කාර් සම්මානය හිමිවීමත් සමග එංගලන්ත රජයේ මෙම තීරණය ඉක්මන් වී ඇත. End of Sentence නම් මෙම වාර්ථා චිත්‍රපටය ඔසප් කාලය තුළ ඒ වෙනුවෙන් සමාජයෙන් තමන්ට හිමිවන අපකීර්තියට එරෙහිව සටන් කරන ඉංදීය කාන්තාවන් පිරිසක් පසුව සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයට යොමුවීම මෙම වාර්ථා චිත්‍රපටය තුළ සාකච්ඡාවට ලක් විය.

Image result for period poverty

මීට අමතරව එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවා අංශ  විසින් රෝගීන් සදහා අවශ්‍ය සනීපාරක්ෂක තුවා නොමිලේ සැපයීමටද තීරණය කර ඇත.

2017 වසරේ එංගලන්තයේ ප්ලෑන් ඉන්ටර්නැශනල් සමාජ සේවා සංවිධානය විසින් දැරියන් සහ කාන්තාවන් 1000දෙනා සිදු කරගනිමින් සිදු කළ සමීක්ෂණයකදී හෙළී වී ඇත්තේ දස දෙනෙකුගෙන් එක් අයෙකු හට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමේ අපහසුතා පවතින බවයි.

ස්කොට්ලන්තය විසින්ද පසුගිය අගෝස්තු මස එරට පාසැල් සිසුන් සදහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීම ආරම්භ කරන ලද අතර නොමිලේ සනීපාරක්ෂක නිෂ්පාදන සදහා ප්‍රවේශය ලබා දුන් ප්‍රථම රට බවට ස්කොට්ලන්තය පත් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි