×

තුර්කියේ විපක්ෂ නගරාධිපතිට සිරදඬුවමක් – ඉතිං ජනපති අර්දොගන්ට හරි සතුටු හිතිලා ද?

මීට ඉහත අවස්ථා කිහිපයකදී ම සිදුකළ මැතිවරණ නිරීක්ෂණ වලින් ඉමාමොග්ලු යනු ජනපති අර්දොගන්ගේ පක්ෂයට ප්‍රභල දේශපාලනික අභියෝගයක් එල්ල කරන පුද්ගලයකු බවට තහවුරු වී තිබිණි.


තුර්කියේ ජනපති තයිප් අර්දොගන්ට දේශපාලනික වශයෙන් ප්‍රභල අභියෝගයක් සේ සැලකෙන ඉස්තාන්බුල් හි විපක්ෂ නගරාධිපති එක්රම් ඉමාමොග්ලුට වසර දෙකක් සහ මාස හතක සිර දඬුවමක් සහ දේශපාලනික තහනමක් පනවා ඇති බව වාර්තා වේ.

මෙම දඬුවම විපක්ෂ නගරාධිපතිවරයාට පනවා තිබෙන්නේ, 2019 වර්ෂයේ දී ජනපති අර්දොගන්ගේ පක්ෂයේ වසර 25 ක රජයට එරෙහිව, ඉමාමොග්ලු ජයග්‍රහණය කළ පළමු වටයේ නාගරික මැතිවරණය අවලංගු කිරීමේ තීරණය විවේචනය කිරීම හරහා රාජ්‍ය නිලධාරීන්ට අපහාස කිරීමේ චෝදනාව මත ය.

මෙම නාගරික මැතිවරණයේදී අර්දොගන්ගේ Justice and Development Party (AK PARTi) පක්ෂය පරදවා ඉමාමොග්ලු ගේ පක්ෂය වූ Republican People’s Party (CHP) හි ජය තහවුරු වූ අතර, එම මැතිවරණය අවලංගු කිරීමට කටයුතු කර තිබිණි.

ඉමාමොග්ලුගේ සිර දඬුවම පිළිබඳව ඉකුත් බදාදා (14) දින තුර්කි ජනපතිවරයා අදහස් දක්වමින් පවසා සිටියේ ලබන වසරේ මැතිවරණයේ දී විපක්ෂ අපේක්ෂකයා කවුරුන් වන්නේ ද යන්න පිළිබඳ තමා තැකීමක් නොකරන බවයි.

එමෙන්ම මෙම අධිකරණ කටයුත්ත පිළිබඳව අද (17) දින අදහස් දක්වමින් අර්දොගන් ජනපතිවරයා පවසා තිබෙන්නේ, අධිකරණය විසින් අභියාචන ක්‍රියාදාමයක් හරහා සිදුව ඇති අත්වැරදි නිවැරදි කරනු ඇති බවත්, අධිකරණයේ තීන්දුව නොසලකා හැරීමට ජනතාවට අයිතියක් නැති බවත් ය.

ඉමාමොග්ලු ගේ සිර දඬුවමට එරෙහිව දහස් ගණනින් රැස්වූ පිරිස් [Istanbul Metropolitan Municipality/Reuters]

ඔහු මින් අදහස් කර තිබෙන්නේ, සිර දඬුවමක් තහවුරු කිරීමට එරට නීතිය අනුව අභියාචන ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බැවින් ඉමාමොග්ලු ට පැනවූ සිර දඬුවම අභියාචන ක්‍රියාවලිය හරහා තහවුරු කරනු ඇති බව ය.

මීට ඉහත අවස්ථා කිහිපයකදී ම සිදුකළ මැතිවරණ නිරීක්ෂණ වලින් ඉමාමොග්ලු යනු ජනපති අර්දොගන්ගේ පක්ෂයට ප්‍රභල දේශපාලනික අභියෝගයක් එල්ල කරන පුද්ගලයකු බවට තහවුරු වී තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි