×

ලොව මාධ්‍ය වාරණය ඉහළින්ම ඇති රට එරිත්‍රියාවයි, උ.කොරියාවට දෙවන තැන

සෞදි අරාබිය, චීනය, වියට්නාමය සහ ඉරානය විශේෂයෙන්ම ජනමාධ්‍යවේදීන් සහ ඔහුගේ පවුල්වල අයට පීඩා කිරීම සහ සමාජමාධ්‍ය වාරණය වැඩියෙන්ම සිදු කරන රටවල්ය.


ලෝකයේ සෑම රටක්ම පාහේ යම් මට්ටමකින් සිය රට තුළ ක්‍රියාත්මක වන ජනමාධ්‍යයන්ට සහ ජනමාධ්‍ය වේදීන්ට වාරණ පනවයි.

ඇමරිකා එක්සත් ජනපදය පදනම් වූ ජනමාධ්‍යවේදීන් සුරැකීම සදහා වන කමිටුව (CPJ) විසින් ඉදිරිපත් කළ නවතම වාර්ථාව අද නිකුත් විය. එයට අනුව ලොව ඉහළින්ම මාධ්‍ය වාරණය කරන රාජ්‍ය්‍යන් වන්නේ එරිත්‍රියාව, උතුරු කොරියාව සහ ටක්මෙනිස්ථානයයි.

මෙම රාජ්‍ය්‍යන් තුන මාධ්‍ය වාරණය සදහා යොදා ගන්න ක්‍රමවේදය ලෙස එම වාර්ථාව සදහන් කරන්නේ මාධ්‍ය රජයේ හඬ ලෙස භාවිතා කිරීමේ ප්‍රවණතාවයි. ස්වාධීන මාධ්‍යකරණයේ නියැලෙන යමෙක් වෙයිද ඔවුන් රටින් පිටුවහල් කිරීම දක්වා ක්‍රියාවලියක් එම රටවල මාධ්‍ය වාරණය සමග බැදී තිබේ.

මාධ්‍යවාරණය වැඩියෙන්ම සිදු කරන රාජ්‍ය්‍යන් 10 ලැයිස්තුවේ එකී රටවල් තුනට අමතරව ඉතිරි ස්ථානයන් දරන්නේ සෞදි අරාබිය, චීනය, වියට්නාමය, ඉරානය, ගිනියාව,බෙල්රස් සහ කියුබාවයි. එම රටවල් වාරණයේ ස්වභාවය වන්නේ උපායශීලී ක්‍රම අනුගමනය කිරීමයි. ඒ අනුව ජනමාධ්‍ය වේදීන් පීඩනයට පත් කිරීම, සිර භාරයට ගැනීම, තියුණූ ලෙස නිරීක්ෂණය කිරීම, හැක් කිරීම, ආදී උපක්‍රම අනුගමනය කිරීම මෙම රටවල් විසින් සිදු කරන බව (CPJ) වාර්ථාව පවසයි.

සෞදි අරාබිය, චීනය, වියට්නාමය සහ ඉරානය විශේෂයෙන්ම ජනමාධ්‍යවේදීන් සහ ඔහුගේ පවුල්වල අයට පීඩා කිරීම සමාජමාධ්‍ය වාරණය වැඩියෙන්ම සිදු කරන රටවල්ය.

එමෙන්ම ඉහළින්ම මාධ්‍ය වාරණය සිදුකරන රාජ්‍ය්‍යන් ගේ වැඩි අවධානයක් අන්තර්ජාල මාධ්‍යකරණය වෙත යොමුව ඇති අතර අපහාස කිරීම දම්බන්ධව අපරාධ නීති, වෙබ් අඩවි අවහිර කිරීම, මාධ්‍ය සදහා බලපත්‍ර අනිවාර්ය කිරීම ආදී වාරණයන් කෙරෙහිය.

එරිත්‍රියාව හදුන්වනු ලබන්නේ මාධ්‍යවේදීන් සඳහා ” සබ් සහරාන් අප්‍රිකානු රටවල් අතර නරකම සිරගෙදර ලෙසයි”. 2018 වසර තුළ එරිත්‍රියාවේ මාධ්‍යවේදීන් 16ක් දෙනෙකු වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත. නමුත් වාර්ථාවන්නේ එරිත්‍රියාව බොහෝ විට මාධ්‍ය වේදීන්ට සම්බන්ධව පවත්වන නීතිමය ක්‍රියාමාර්ග සාධාරණව සහ නීත්‍යානුකූලව නොකරන බවයි.

උතුරු කොරියානු නායක කිම්ජොන් උන් මාධ්‍යට එරෙහිව ගෙන යන ක්‍රියාකලාපය පිළිබදව බොහෝ අවස්ථාවල ලෝකයේ කථා බහට ලක්ව තිබේ. ගුවන් විදුලි තරංග අවහිර කිරීම සහ ඒවා පිළිබද රහසේ සුපරික්ෂාකාරී වීම නිතර ඔහු විසින් අනුගමනය කරන වාරණ ප්‍රතිපත්තියකි.
“Great Firewall” හෙවත් අන්තර්ජාල භාවිතය සම්බන්ධව පනවා ඇති නීති රීති ද ඇතුළුව ලෝකයේ මාධ්‍ය වාරණය සදහා විචක්ෂණශීලි ලෙස විවිධ භාවිතයන් යොදා ගන්නා රට ලෙස චීනය ඉදිරියෙන් සිටින බව මෙම වාර්ථාව පෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි