×

මළ සිරුරු 39ක් සමග හමුවූ එසෙක්ස්හී කන්ටේනර් රියදුරු හෙට අධිකරණයට

.


පසුගියදා එංගලන්තයේ එසෙක්ස් හී කන්ටේනර් රථයක් තුළ මඵ සිරුරු 39ක් හමු වූ අතර මිය පිරිස අතර කාන්තාවන් 8 දෙනෙක් සහ පුරුෂයින් 31 දෙනෙකු විය.

කන්ටේනරයක සිර කර තැබීමෙන් මිය ගොස් ඇති බවට සැකකෙරෙන මෙම පුද්ගලයන් සියල්ලන්ම චීන ජාතිකයන් බව මුලින් ප්‍රකාශ කලද පසුව වාර්ථා වූයේ ඔවුන්ගේන් වැඩි දෙනෙක් වියට්නාම ජාතිකයන් බවයි.

මෙම ඝාතන සම්බන්ධව කන්ටේනර් රථයේ රියදුරු 25 හැවිරිදි මොරිස් රොබින්සන් අත්අඩංගුවට ගනු ලැබිණ. ඔහුට අමතරව චෙෂයර් හි වරින්ග්ටන්හි පදිංචි 38 හැවිරිදි පිරිමියෙකු සහ කාන්තාවක් සහ උතුරු අයර්ලන්තයේ 48 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවේ පසුවෙති.
නමුත් අද ඇසෙක්ස් හී පොලීසිය නිවේදනය කලේ මිනිසුන් ජාවාරම, සංක්‍රමණ සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ කන්ටේනර් රථයේ රියදුරුට තවදුරටත් චෝදනා එල්ල වන බවයි.

ඒ අනුව ඔහු හෙට දිනයේ උතුරු අයර්ලන්තයේ ක්‍රේගාවොන් හි ලෝරල් ඩ්‍රයිව් හි චෙල්ම්ස්ෆර්ඩ් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි