×

ඉතියෝපියාවේ අගවිනිසුරු ධුරයත් කාන්තාවකට!

ඉතියෝපියා ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රධානී තනතුර කාන්තාවක් අතට!


මානව හිමිකම් සම්බන්ධයෙන් හඬක් නැඟූ නීතිඥවරියක වන මියාසා අශෙනාෆි (Meaza Ashenafi) ඉතියෝපියා ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රධානී තනතුරෙහි ඊයේ දිවුරුම් දෙන ලදී. මේ තනතුර සඳහා මියාසාගේ නම යෝජනා කර තිබෙන්නේ ඉතියෝපියා අග්‍රාමාත්‍යය අබියි අහ්මද්ය. එම යෝජනාව ඉතියෝපියා පාර්ලිමේන්තුව ඒකච්ඡන්දයෙන් සම්මත කළ බව සඳහන් වේ. first female Supreme Court chief

ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රධානී තනතුරට අභිනවයෙන් පත් වූ මියාසා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියෙකි. අප්‍රිකාව සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආර්ථික කොමිසමේ කන්තා අයිතීන් පිළිබඳ උපදේශිකාවක ලෙස ද ඈ කාලයක් සේවය කළාය. ඉතියෝපියාවේ නීතිඥවරියන්ගේ සංගමය බිහි කිරීමට පුරෝගාමී දායකත්වයක් ලබා දුන් කෙනෙකු ලෙසත් මියාසා අශෙනාෆිගේ නම ප්‍රකටය.

මියාසා ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රධානී තනතුරෙහි දිවුරුම් දෙන අවස්ථාවට සහභාගී වූ අග්‍රාමාත්‍ය අබියි පැවැසුවේ ඉතියෝපියා අධිකරණ පද්ධතිය තවදුරටත් වැඩි දියුණු විය යුතු බවකි. ජාත්‍යන්තරය සමඟ පුළුල් ලෙස වැඩ කිරීමෙන් ලත් අත්දැකීම් මියාසා සතුව ඇති බැවින් අධිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීම ඈ අතින් සිදුවනු ඇතැයි කියා අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

සිය රටේ බලවත් තැන්වලට කාන්තාවන් පත් කිරීමට තමන් වැඩි වශයෙන් නැඹුරු වන බව අග්‍රාමාත්‍ය අබියි අහ්මද් පසුගිය දා ප්‍රකාශ කර තිබිණ. ඔහු ඒ බැව් පවසා තිබුණේ ඉතියෝපියා කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරියන් පත් කරගනිමිනි. ඉතියෝපියාවේ අමාත්‍ය තනතුරුවලින් අඩක්ම කාන්තාවන්ට ලබා දීමට අගමැතිවරයා කටයුතු කර තිබේ. රාජ්‍යය කටයුතුවලදී ස්ත්‍රී – පුරුෂ සමතුලිතතාවය පවත්වාගෙන යෑමට වෙහෙස වන අග්‍රාමාත්‍යයවරයකු හැටියට අබියි අහ්මද් මේ නිසා නමක් දිනාගෙන සිටී. කාන්තාවක ජනාධිපති තනතුරට තෝරා පත් කරගන්නටත්

ඉතියෝපියා පාර්ලිමේන්තුව මෙයට දින කිහිපයකට පළමුව ක්‍රියා කර තිබිණ. ඒ අනුව ඉතියෝපියාවේ පළමු ජනාධිපතිනිය ලෙස සහ්ලේ වෝර්ක් – සෙව්ඩේ පසුගිය දා දිවුරුම් දෙන ලදී.

රටේ ඉහළම තනතුරුවලට මේ අන්දමින් කාන්තාවන් පත් කර ගැනීම නිසා ඉතියෝපියාව අප්‍රිකා මහාද්වීපය තුළ සුවිශේෂී තැනකට ළඟා වෙමින් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි