×

ඉතියෝපියානු අගමැති 2019 නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබයි! 

ඔහු සිදුකළ වැදගත්ම මෙහෙය නම්, පුරා දශක දෙකක ගැටුමක් අවසන් කරමින් අසල්වැසි එරිත්‍රියාව සමඟ සාම ගිවිසුමක් අත්සන් කිරීමයි.


ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබි අහ්මඩ් මහතා 2019 නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබන ලදී.

ජාත්‍යන්තර සහයෝගීතාව හා සාමය පසිඳලීම කෙරේ ඒ මහතා ඉටුකළ කාර්යභාරය ඇගයීමක් ලෙස මෙම ත්‍යාගයෙන් පිදුම් ලැබීය.

1998 – 2000 අතර හටගෙන පුරා විසිවසරක් ඉතියෝපියාව හා අසල්වැසි එරිත්‍රියාව අතර පැවති දේශසීමා ගැටුම් අවසාන කරමින් 2018 වර්ෂයේ දෙරට අතර සාම ගිවිසුමක් ඇතිරකරලීම කෙරේ අහ්මඩ් මහතා දායකත්වය සැපයීය.
ඔස්ලෝ නගරයේදී සියවන නොබෙල් සාම ත්‍යාගය හිමි පුද්ගලයා වශයෙන් ද ඉතියෝපියානු අග්‍රාමාත්‍යවරයා නම් කෙරිණි.

2018 අපේ‍්‍රල් මාසයේ අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු අබි අහමඩ් මහතා ඉතියෝපියාවට දැවැන්ත ලිබරල්කරණ ප‍්‍රතිසංස්කරණයක් හඳුන්වා දුන් අතර, එමඟින් එතෙක් පැවති අතිශය දරදඬු පාලනයක් දෙකඩ කර දැමීය. 

සිරබත් කෑ විපක්ෂ ක්‍රියාකාරීන් දහස් ගණනක් නිදහස් කිරීමට කටයුතු කළ ඔහු පිටුවහල් කළ විරුද්ධවාදීන්ට නැවත සිය මව්රට බලා යාමට අවසර ලබා දුන්නේ ය. ඔහු සිදුකළ වැදගත්ම මෙහෙය නම්, පුරා දශක දෙකක ගැටුමක් අවසන් කරමින් ඉතියෝපියාවේ අසල්වැසි එරිත්‍රියාව සමඟ සාම ගිවිසුමක් අත්සන් කිරීමයි.

කෙසේවෙතත්, ඔහු ස්ථාපනය කළ ප්‍රතිසංස්කරණ හමුවේ ඉතියෝපියාවේ ජනවාර්ගික ආතතීන් උත්සන්න වීමට ද හේතුවක් වූ බවට පැවසේ. එමඟින් හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා දාමයන් නිසා මිලියන 2.5 පමණ ජනතාවකට තම නිවෙස් වලින් ඉවත් වීමට ද සිදුවී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි