×

යුරෝපයට ඉහින් කනින් දාඩිය! ඉතිහාසයේ වැඩිම රස්නය ඉදිරි දිනවලදී!

යුරෝපාකරය මේ වන විට රත් වෙමින් යන පෝරණුවක් බඳු ය. තවත් තාප තරංගයකට (හීට් වේව්) එය මේ වන විට නතුව තිබේ. කාලගුණ විශේෂඥයන් පවසන්නේ යුරෝපයේ එදා මෙදා තුර වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ඉදිරි දිනවලදී වාර්තා වීමට නියමිත බවයි.


යුරෝපයෙන් එදා මෙදාතුර වාර්තා වී ඇති උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 කි. (ෆැරන්හයිට් අංශක 118.4). මෙම උෂ්ණත්ව වාර්තාව උසුලන්නේ ග්‍රීසියයි. ග්‍රීසියේ ඇතන්ස් නුවරින් 1977 ජූලි මස මෙම උණුසුම වාර්තා විය.

අප්‍රිකාව දෙසින් හමා එන තාප තරංග හේතුවෙන් ඉදිරි දිනවලදී මෙම වාර්තාව කඩා බිඳ දැමීමට සැරසී සිටින්නේ ස්පාඤ්ඤය සහ පෘතුගාලයයි.

පෘතුගාලයේ අඩුම උෂ්ණත්වය බවට මේ වන විට පත්ව තිබෙන්නේ එරට ගිම්හානයේ උපරිම උණුසුම වූ සෙල්සියස් අංශක 25-30 ය. මේ වන විට පෘතුගාලයෙන් වැඩි කොටසක පවතින්නේ ද මෙම උණුසුමයි.

මෙම ප්‍රදේශවල අධික උණුසුම හේතුවෙන් මිනිසුන් මිය යා හැකි බවට ද අනතුරු ඇඟවීම් නිකුත් වී තිබේ.

කාලගුණ අනාවැකිවලට අනුව අද (සිකුරාදා) සහ හෙට (සෙනසුරාදා) දකුණුදිග ස්පාඤ්ඤයේ සහ නිරිතදිග පෘතුගාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 ක් (ෆැරන්හයිට් අංශක 116.6) ක් ලෙස වාර්තා වීමට නියමිත ය.

මේ අතර එක්සත් රාජධානියේ ගිනිකොණ දිග ප්‍රදේශයේ උෂ්ණත්වය ඉදිරි දිනවලදී සෙල්සියස් අංශක 33 (ෆැරන්හයිට් අංශක 91.4) දක්වා ඉහළ යාමට නියමිත ය.

ඉතාලිය ද මේ වනවිට අධික උෂ්ණත්වය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ප්‍රකට සංචාරක ගමනාන්ත වන රෝමය, ෆ්ලොරන්ස් සහ වැනීසිය අවදානම් කලාප වශයෙන් නම් කර ඇති ප්‍රදේශ වලට අයත් වේ.

A map shows points in Britain, Spain, Portgual and Greece, along with their temperature records – 38.5 in England, 47.3 in Spain, 47.4 in Portugal, and 48 in Greece

දැන් නෝර්වීජියානු අර්ධද්වීපයේ පිහිටා තිබෙන ස්වීඩනයේ තත්වය සලකා බලමු. ස්වීඩනයේ උසම කඳු මුදුන වන්නේ කෙබ්නෙකායිස් ග්ලැසියර මුදුනයි. එය මේ වන විට දිනකට සෙන්ටිමීටර කිහිපයක් බැගින් දිය වෙමින් යයි. නෝර්වීජියානු මහජන මාර්ග අධිකාරිය, දිය වෙන හිම හේතුවෙන් රෙයින්ඩියර් මුවන් (පිණි මුවන්) සහ බැටළුවන් ශීත පළාත් සොයමින් සංක්‍රමණය වන හෙයින් මාර්ග අනතුරු බහුල විය හැකි බවට අනතුරු අඟවා තිබේ.

දීර්ඝ, අති උණුසුම් ගිම්හානය හේතුවෙන් ජර්මනියේ ශීත කළ බියර්වලට නම් තිබෙන්නේ හොඳ ඉල්ලුමකි. මේ වනවිට ජර්මනිය තුළ ශීත කළ බියර්වල හිඟයක් පවා ඇති ව තිබේ.

මේ අතර ජර්මනියේ සැක්සනි පළාතේ සුප්‍රසිද්ධ එල්බේ (Elbe) ගංගාවේ ජල මට්ටම අතිශයින් පහළ ගොස් ගඟ සිඳී යාමට ආසන්න තත්වයේ පවතියි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දෙවන ලෝක යුද්ධ සමයේ භාවිතා කළ ග්‍රෙනේඩ ඇතුළු යුධ උපකරණ කිහිපයක් ගං පත්ලෙන් මතු වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි