උප සහරා අප්‍රිකාවේ සිට ඉතාලිය ලබා ගමන් කරමින් තිබූ ළමුන් සහ ළදරුවන් ඇතුළු සංක්‍රමණිකයන් 34 දෙනෙකුගෙන් යුත් බෝට්ටුවක් ටියුනීසියානු වෙරළට ඔබ්බෙන් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
දින දෙකක් තුළ ගිලී ගිය පස්වන යාත්‍රාව මෙය වන අතර මේ වන විට පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් 64 දෙනෙකු අතුරුදන්ව ඇති බව අනාවරණය වේ.
ටියුනීසියානු වෙරළාරක්ෂක භටයින් මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ පසුගිය දින දෙක තුළ රට හැර යාමට උත්සාහ කළ සංක්‍රමණිකයන් 3,000 කට වැඩි පිරිසක් රඳවාගෙන ඇති බවයි. ටියුනීසියාව යුරෝපයට යන සංක්‍රමණිකයන්ට පිටවීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති අතර එක්සත් ජාතීන්ගේ දත්ත පෙන්වා දෙන්නේ මේ වසරේ ඉතාලියට පැමිණි සංක්‍රමණිකයන් 12,000ක් ටියුනීසියාවෙන් පිටව ගිය අය වන බවයි.
ඊයේ දිනයේදී(24) බ්‍රසල්ස් හි පැවති සමුළුවකදී අදහස් දක්වමින් ඉතාලියේ අන්ත දක්ෂිනාංශික අගමැති ජෝජියා මෙලෝනි අනතුරු අඟවා තිබුණේ ටියුනීසියාවේ දේශපාලන හා ආර්ථික තත්වය ස්ථාවර නොවන්නේ නම් යුරෝපය දෙසට සංක්‍රමණ රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇති බවයි.
ටියුනීසියාව මේ වන විට එහි දරුණුතම මූල්‍ය අර්බුදයට මුහුණ දී සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)පැවැති සාකච්ඡාවන්ද අතරමග ඇනනහිට තිබේ.
සශිකලා මධුෂාණී_