BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

යුරෝපා පාර්ලිමේන්තු ප්‍රධානියා දිවියෙන් සමු ගනියි

යුරෝපා පාර්ලිමේන්තු ප්‍රධානී ඩේවිඩ් සාසොලි, අභාවප්‍රාප්ත විය.

පසුගිය දෙසැම්බර් 26 වැනිදා පටන් රෝහල්ගත ව සිටි ඔහු, දැඩි ප්‍රතිශක්තිකරණ සංකූලතා හේතුවෙන් පීඩා විඳිමින් සිටි බව වාර්තා‌ වේ.

ඔහුගේ යුරෝපා පාර්ලිමේන්තු ධුර කාලය මේ මාසයේ නිමා වීමට නියමිත ව පැවතිණි.

ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර උපත ලද සාසොලි, සිය ජීවන වෘත්තිය වශයෙන් ජනමාධ්‍ය වේදය තෝරාගත් අයෙකි. පසුව ඔහු මධ්‍ය-වාමාංශික ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගනියි.

2009 වසරේ පටන් යුරෝපා පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඔහු, 2014 වසරේදී එහි උප සභාපති ධුරයට තේරී පත් විය. 2019 වසරේ ජූලි මස පටන් ඔහු යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

යුරෝපා පාර්ලිමේන්තුව, යුරෝපා සංගමයේ ව්‍යූහයන් 3 අතරින් බලවත්ම ව්‍යූහය ලෙස සැලකෙන අතර, යුරෝපා කලාපය තුළ ඡන්ද විමසීම් මගින් සාමාජිකයන් තෝරාපත් කර ගන්නා එකම ව්‍යූහය ද වේ. යුරෝපා සංගමය සමග එක්ව යුරෝපියානු රටවලට බලපවත්වන කලාපීය නීති සම්පාදනය එයට පැවරී තිබේ. සාමාජිකයන් 705 දෙනෙකුගෙන් සමන්විත යුරෝපා පාර්ලිමේන්තුව, යුරෝපා සංගමයේ රටවලට බලපාන ප්‍රබලම ආයතනය ලෙස සැලකේ.


ක්ෂීරපථයේ භ්‍රමණය වන නාඳුනන වස්තුවක් සොයා ගනී

චිප් හිඟයයට පිලියමක්

ෆ්ලොරිඩාවට ඔබ්බෙන් වූ ‘මිනිස් ජාවාරම්’ බෝට්ටුවක් අනතුරකට ලක්​වේ

බුර්කිනෝ ෆාසෝ ජනපතිවරයා හමුදාවේ ප්‍රාණ ඇපයට

සීතල යුද්ධයක උණුසුම් මොහොතකට

කිරිබාති කොවිඩ් අතවනයි

අයිඑස් සටන්කාමීන් බන්ධනාගාරයකට කඩාවැදීම නිසා සිරියාවේ නොසන්සුන්තාවයක්

ප්‍රස්තා පිරුළක් කියා ජනපතිට අපහාස කළැයි තුර්කි මාධ්‍යවේදිනියක් සිරගත කරයි!

error: Content is protected !!
error: Content is protected !!