×

ඉන්දුනීසියාවේ නිකල් කම්හලක පිපිරීමක් හේතුවෙන් 13 දෙනෙකු මිය යයි

මියගිය අය අතර ඉන්දුනීසියානු කම්කරුවන්ට අමතරව චීන කම්කරුවන් සිවු දෙනෙක්ද වේ..


නැගෙනහිර ඉන්දුනීසියාවේ මධ්‍යම සුලවේසි දුපතේ මොරොවාලි කාර්මික උද්‍යානයේ සිංග්ෂාන් නිකල් කරමාන්ත ශාලාවක සිදු වූ පිපිරීමක් හේතුවෙන් 13 දෙනෙකු මියගොස් 46 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීන් නිවේදනය කර තිබේ.

සුලවේසි දූපත රටේ නිකල් නිෂ්පාදනය සඳහා කේන්ද්‍රස්ථානයකි, එය විද්‍යුත් වාහන බැටරි සහ මල නොබැඳෙන වානේ සඳහා භාවිතා කරන මූලික ලෝහයක් වේ.

පිපිරීමට හේතුව ගිනි උදුනක කරන ලද අලුත්වැඩියා කටයුත්තක් අතරතුව ගිනි ගන්නා දියරයක් දැල්වීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයව ඇති අතර උණුසුම් වාෂ්පවලට නිරාවරණය වීම හේතුවෙන් තවත් පුද්ගලයින් 66 දෙනෙකු සුළු තුවාල ලබා තිබේ.

මෙම කරමාන්ත ශාලාව චීනයේ අරමුදල් සහිතව ක්‍රියාත්මක වන අතර මියගිය අය අතර ඉන්දුනීසියානු කම්කරුවන්ට අමතරව චීන කම්කරුවන් සිවු දෙනෙක්ද වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ,

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි