ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් එන්නතට ඇමරිකාවේ FDA ආයතනයෙන් කොළ එළියක්!
ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලනාධිකාරිය හෙවත් Food and Drug Administration (FDA) විසින් පත් කළ විශේෂඥ කමිටුව විසින් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් නිශ්පාදනය කළ කොවිඩ් එන්නත අනුමත කර තිබේ.

ඒ අනුව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් එන්නත හදිසි අවස්ථාවන් සඳහා ඇමරිකාව තුළ භාවිතා කිරීමට නිර්දේශ කර තිබේ.
මේ අනුව ආහාර හා ඖෂධ පාලනාධිකාරිය විසින් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් එන්නත අනුමත කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම එන්නතේ විශේෂත්වය වන්නේ එන්නත් මාත්‍රාවන් එකක් පමණක් එක් පුද්ගලයකුට ප්‍රමාණවත් වීමයි.
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ඇමරිකාව තුළ අනුමත වූවහොත් එය ඇමරිකාවේ කොවිඩ් වසංගත තත්ත්වයට එරෙහිව යොදන තුන්වන එන්නතයි.