පොත් පත් කියැවී මමිනිසාගෙන් ඈතට යන්නට විවිධාකාර හේතු අද ඉස්මත්ව තිබියදී.. මිනිසුන් පොත් පත් වලින් දිනෙන් දින ඈත්ව යමින් සිටියදී ලොව ලොකුම පුස්තකාලය ගැන කථා කරමු. මිහිපිට ඇති ලොකුම පුස්තතාල අතරේ තවමත් විශාලම පුස්තකාලය ලෙස සැලකෙන්නේ ඇමරිකාවේ පිහිටි කොන්ග්‍රස් ලයිබ්‍රරියයි Library of Congress.
ඇමරිකා එක්සත් ජනපදයේ කොන්ග්‍රස් සභාවට අනුබද්ධ මෙම අති විශාල පුස්තකාලයේ එමෙන්ම පොත්ද ඇතුළව මෙහිදි විවධ ලිපිලේඛන මිලියන 167 කට ආසන්න සංඛ්‍යාවක් දැක ගත හැකි වන්නේය. එහි විශාලත්වය කෙතරම්දැයි කියන්නේනම් මෙම පොත් හා ලිපි ලේඛන තැන්පත් කර ඇති රාක්ක එකින් එක පෙළ ගැස්වුවහෝත් එහි දිග සැතපුම් 535 ට වඩා වැඩිය
පොත් පමණක් මිලියන 38 ඉක්මවා ඇත. පොත් හැරුණ විට අනෙකුත් මුද්‍රිත සඟරා ආදිය මිලියන 3.6 කි. ලෝකයේ ඉතා විරල ගණයේ සිතියම් පමණක් මිලියන 5.5ක් මෙම පුස්තකාලයේදී දැක ගත හැකි වෙයි. ඒ අතර අත් පටපත් මිලියන 70කට ආසන්නව මෙම කොංග්‍රස් පුස්තකාලයේ ඇති අතර පුරාන ලේඛන 6000කට ආසන්ය .
මිට වසර 218කට පෙර එනම් 1800 වසරේ අප්‍රේල් මාසයේ දී මෙම පුස්තකාලය නිළ වශයෙන් ආරම්භ විය . මුලදී තාව කාලික ලෙස පිලඩෙල්ෆියාවේ ආරම්භ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ පියා ලෙස සැළකෙන ජේම්ස් මෙඩිසන්ගේ යෝජනාවකට අනුව කළ පුස්තකාලය 1800 වසාරේදී කොංග්‍රස් සභිකයන්ගේ ප්‍රයෝජනය සඳහා වෙෂින්ටන් හී ස්ථාපිත කෙරිණි.. නමුත් 1812 නැවතත් බ්‍රිතාන්‍ය හා ඇමරිකාව අතර යුද්ධයේදී කොංග්‍රස් පුස්තකාලයට දැඩි හානි සිදුවිය.
විනාශ වී ගිය කොංග්‍රස් පුස්තකාලය නැවත පිහිටුවන්නට ඇමරිකාවේ නිදහසේ නායකයා මෙන්ම තෙවන ඇමරිකානු ජනපතිවරයා වන තෝමස් ජෙෆර්සන් ට හිමිව තිබී ග්‍රන්ථ 6487ක් පුස්තකාලයට හිමිවිය. ඒත් සමග කෙමෙන් සංවර්ධනය වූ කොංග්‍රස්මණ්ඩල පුස්තකාලය නැවතත් නොසිතූ අයුරින් ගින්නක් නිසා විනාශ වන්නේය. ඒ 1851 වර්ෂයේදීයි.
කොංග්‍රස් පුස්තකාලයේ මෙම බාධක වලට ආයුබෝවන් කියා නව ජවයෙන් යුතුව නැවත ඇරඹෙන්නෙ ඇමරිකානු සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුවයි.
එතැන් පටන් බලධාරීන් පුස්තකාලය සංවර්ධනයට වැඩි වැඩියෙන් ග්‍රන්ථ හා ලිපි ලේඛන රැස්කිරීමේ ව්‍යාපාරයක් ඇරඹීය ඒ අනුව යමකුට අවශ්‍ය පොතපත්, සිතියම්, ඡායාරූප, සංගීත නිර්මාණ පර්යේෂණ වල පිටපත් දෙක බැගින් ලබාගන්නට පුස්තකාලය කටුයුතු කළේය. ඒත් සමග පුස්තකාලය වෙත ලැබුණ සම්පත් විශාල ලෙස වර්ධනය වුවත් ඊට සුදුසු ඉඩකඩ නොමැති වීම මීළඟ ගැටළුව විය. ඒ අනුව පුස්තකාලයේ ගොඩනැගිලි ප්‍රමාණය වැඩි කරන්නට පියවර ගැනින. අස වන විට අති විශාල ගොඩනැගිලි 3ක් දක්වා පුස්තකාලය විශාල වී ඇත.
මෙහි ප්‍රධාන ගොඩනැගිල්ල රෝම ගෘහ නිර්මාණ ශිල්පී ක්‍රමය අනුව ඉදි කර ඇති අතර ගොඩනැඟිල්ලට හා චිත්‍ර නිර්මාණය කිරීමට කලාකරුවන් 50 ක් පමණ සහභාගි කරගෙන ඇත.
කොංග්‍රස් පුස්තකාලයේ පොත් පිටතට ගෙන යෑමට සාමාජිකයන් වෙත අවසර නැතත් විශේෂ ඉල්ලම් සහ අවශ්‍යතා පරිදි වැදගත් ලේඛන පරිහරණය කිරීමේ අවස්ථාව හිමි වේ.. මෙහි සාමාජිකත්වය 535ක් පමණ වන ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්,ඔවුන්ගේ කාර්ය මණ්ඩලය සහ සාමාජිකත්වය දරන මහජනතාවට පමණි.
ප්‍රවෘත්ති සේයා පට, පටිගත කළ ප්‍රවෘත්ති, සංගීත තැටි, කැසට් පට හා රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ලිපි ලේඛන ද මෙහිදී දැක ගත හැකි වීම විශේෂත්වයකි. ඒ නිසාම මෙම පුස්තකාලය සාමාන්‍ය පුස්තකාල වලට වඩා වෙනස් වේ. ලොව නිපදවූ මුල්ම චලන චිත්‍රපටයේ පිටපත, මුද්‍රණය ඇරැඹීමට අත්හදා බැලූ පිටපත් පමණක් නොව ලෝකයේ ඇති කුඩාම පොතද කොංග්‍රස් පුස්තකාලයේදී දැක ගන්නට හැකියාව ලැබේ.
කොංග්‍රස් පුස්තකාලයේ ඇති පොත් හා අනෙකුත් භාණ්ඩ බොහොමයක් විවිද රචකයින්, පර්යේෂකයින් සහ බුද්ධිමතුන්ගෙන් මෙන්ම සමාජ සේවා ආයතන වලින් සහ මුද්‍රණ ආයතන වලින් ලැබුණ පරිත්‍යාගයන්ය. පුස්තකාලයට දිනපතා අලුතින් එළිදක්වන පොත්පත්,චිත්‍රපට,පුවත්ලත් , මාසික සඟරා, ගී තැටි හා පටිගත කරන දේ දිනපතා 31,000 පමණ ලැබේ පරිත්‍යාග කෙරේ.
පුස්තකාලය සතු පොත්පත්වලින් හතරෙන් තුනක්‌ම විවිධ භාෂාවන් 470 කට පමණ අයත් ය. මෙම පුස්‌තකාලය මගින් වසරක් තුළදී ආබාධිතයන් වෙනුවෙන් ලක්ෂ ගණනක බ්‍රේල් සාහිත්‍යය, ගී තැටි හා පොත්පත් දැක ගත හැකි වේ.
මුද්‍රණ ඉතිහාසයේ ඓති හාසික ලියවිල්ලක් වූ 1453 මුද්‍රිත පළමු ගුටන්බර්ග් බයිබල් තුනෙන් එකක් මෙම පුස්‌තකාලය සතුව ඇත.
මෙහි තැන්පත් කර ඇති පුදුම භාණ්ඩ අතරේ 15 වැනි සියවසේ සිට මේ දක්‌වා ඇති සූක්‍ෂම චිත්‍ර ඇතුළත් අඟල් 4 රේ ප්‍රමාණයට වඩා අඩු නොවූ පොත් කාණ්‌ඩ 1500 ද ස්‌කොට්‌ලන්තයේ මුද්‍රිත කුහුඹියෙකු තරම් ලොව කුඩාම පොත වන OLDKiacole නමැති පොත ද මෙහිදී දැක ගත හැකි වන්නේය.
ඇමරිකානු ඉතිහාස සුප්‍රකට චරිතයන් හී චරිතාපදාන අතර ඔවිල් හා විල්බර් රයිට් සොහොයුරන් විසින් පළමුවරට සෑදූ අහස් යානයේ චිත්‍රද, 1903 එම විජයග්‍රහණය ගැන තම පියාට යෑවූ විදුලි පණිවුඩයද පුස්‌තකාලයේ දී දැකිය හැක. අක්‌කර 2 ක බිමක ඉදිකර ඇති “කුවිනට්‌ස්” කොටසේ කෝටි 4 ක සිතියම් තැන්පත් කර තිබේ. 1320-1350 අතර වසරවලට අයත් මෙම සිතියම් බොහොමයක් ඇඳ ඇත්තේ බැටළු හම් මතයි. 9 කෝටියක් පමණ ඡායාරූප හා දළ සේයාපටද 110,000 ලී කැටයම්ද, මිලියන 1.3 ක සංගීත හා කතා ඇතුළත් තැටිද, 75000 ක ලිතියෝ ග්‍රැෆික් හා පෝස්‌ටර් වලින්ද කොංග්‍රස් පුස්තකාලය සමන්විතය.