×

ලක්ෂයකට අධික පිරිසක් අමු අමුවේ මරා දැමූ  Srebrenica සංහාරයේ 23 වන වසර

2016 වසරේදී මේ අතිමහත් සමූල ඝාතනයේ වැරදි කරුට දඩුවම් දෙන්නට හා මිය ගිය අයට සාධාරණී කරනය කරන්නට අන්තර ජාතික යුධ අපරාධ අධිකරනය කටයුතු කළේය.


දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ සිදු වූ දරුණුතම මිනිස් සංහාරය සිදු වුනේ හරියටම අදට වසර 23කට පෙරය.

ඒ බොස්නියාවේ දීය. 1995 වසරේදී සිදුවූ Srebrenica ස්බ්‍රෙනීසා මිනිස් සංහාරය මානව සංහතියේම මිනිසුන් අමු අමුවේ මරා දැමීමේ සංඛේතයයි .වත්මන් ඉතිහාසයේ සිදු වූ ඉතිහාසයෙන් නොමැකෙන මිනිස් සංහාරය මෙයයි. තමවත් මිය ගිය අහිංසකයන් ගේ සිරුරු බොස්නියානු පොළොව යටින් ඉඳ හිට හමුවේ.

ස්බ්‍රෙනීසා සංහාරය සහ යුධ අපරාධ

1992-95 කාලය අතර තුර බොස්නියාව සහ හර්සෙගොවීනා (අද යුගෝසලාවියාව නමින් හැඳින්වේ) අතර යුද්ධය ලෝක ඉතිහාසයට ඉතිරි කළේ සුළු පටු මතකයක් නොවේ . ලක්ෂයකට අධික පිරිසක් මරා දැමූ බොස්නියානු යුද්ධයේ එක් පර්ෂවයක් වූ සර්බ් හමුදාව විසින් අන්තර් ජාතික සාම හමුදාව පරයා සිබ්‍රෙනිකා නගර සීමාවේදී මුලිසිම් ජාතික පිරිමි දරුවන් සහ පිරිමින් දස දහසකට අධික සංඛ්‍යාවක් මරා දැමීය.

බොස්නියානු යුද්ධය

ස්බ්‍රෙනීසා නගරයේ අයිතිය මෙන්ම Serbs, Croats, සහ Muslims ජනවරග අතර විරසකයේ සන්ධිස්ථානය ලෙස බොස්නියානු යුද්ධය සිදු විය .. සෑම අතින්ම පීඩනයට පත්ව සිටියේ සෙබෙනිසී නගරයේ මුස්ලිම් ජනතාවයි. මුසිලිම් ජාතීන් සෙබ්‍රනිසාවෙන් අතුගාදමන්නට බොස්නියානු සර්බ් හමුදා මෙහෙය වූවන්ට අවශ්‍ය විය‍

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ස්බ්‍රෙනීසා.‘safe zone’ හෙවත් ‘ආරක්ෂිත කලාපයක්’ වශයෙන් නම් කළ 1995 ජූලි මස මුග භාගයේ බොස්නියානු සර්බි හමුදාව විසින් බොස්නියාවේ ස්බ්‍රෙනීසා අසල නගරයක් අල්ලා ගත්හ. එම කලාපයේ ආරක්ෂාව සඳහා රැඳී සිටියේ ඕලන්ද ජගත් හමුදා සොල්දාදුවන් ය.

සර්බි හමුදාව විසින් බොස්නියැක් සිවිල් වැසියන් දහස් ගණනක් ජීවිත අවදානමේ හෙළූහ. සර්බි ග්‍රහණය වැඩි වෙත්ම සරණාගතයන්ට උතුරට පලා යන්නට සිදුවුනේ ඕලන්ද/නෙදර්ලන්ත හමුදා කඳවුරක් එහි පිහිටා තිබූ නිසා ය.

පැවතුන තත්ත්වයත් සමග බොස්නියානු සර්බ් හමුදා ජනරාල් ම්ලැදිච් Ratko Mladic නේදර්ලන්ත හමුදා කඳවුරේ ලන්දේසි අණ දෙන නිලධාරියා වූ කර්නල් තොම් කරෙමාන්ස් වෙත දන්වා යැව්වේ කඳවුර වෙත පැමිණෙන සියලු බොස්නියැක්වරුන් තමන්ට අවශ්‍ය බව ය. ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සලසන්නට නම් ඔවුන්ව නිරායුධ කරන ලෙසට ද ඔහු නියෝග කළේය.

අඩු බට පිරිසක් සහ අයුධ ප්‍රමාණයණයක් තිබූ  එක්සත් ජාතීනගේ සාම සාධක හමුදාවට මෙම තත්ත්වය කෙසේවත් පාලනය කළ නොහැකි විය. දහස් ගණන් මුස්ලිම් පිරිමින් සහ දරුවන් මරා දැමුණේ හිතක් පපුවක් නැතිවය.. දුටු දුටු තැන ඔවුන් මරා දැමීම ආරම්භ විය… මේ සියල්ල සිදු වූයේ ඉතා කෙටි කාලයත් තුළයි.

ජූලි 12 වැනිදා බොස්නියැක් පිරිමි 15000 ක් රැඳීසිටි ප්‍රත්‍යන්ත සීමාව වෙත ම්ලැදිච් ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ. එහිදී මුලින්ම සුළු පිරිසක් මරා දමන ලදී. තවද ස්ත්‍රීන් හා ළමුන් 23000 ක් බස්වල පටවා බොස්නියැක් වෙත ආපසු යවන ලද්දේ වයස අවුරුදු 12 ත් 77 ත් අතර සියලු පිරිමින්, පෙර කී ස්ත්‍රීන් හා ළමුන්ගෙන් වෙන් කිරීමෙන් අනතුරුව ය.

ජූලි 13 වැනිදා මහා පරිමාණයෙන් බොස්නියැක් පිරිමින් ව ඝාතනය කිරීම ආරම්භ විය. ඝාතන සිදුකෙරුණේ ක්‍රාවිකා ගම්මානයයේදී ය. එහිදී ස්බ්‍රෙනීසා ආශ්‍රිත ප්‍රදේශවලදී 8000 ක් තරම් බොස්නියැක් පිරිමින් සහ පිරිමි ළමුන් පිරිසක් සංහාරයට ලක් කරන ලදී.

2016 වසරේදී මේ අතිමහත් සමූල ඝාතනයේ වැරදි කරුට දඩුවම් දෙන්නට හා මිය ගිය අයට සාධාරණී කරනය කරන්නට අන්තර ජාතික යුධ අපරාධ අධිකරනය කටයුතු කළේය.

රදොවාන් කර්දිෂ් වරදකරු වීම

බොස්නියානු සර්බ් ජාතිකයන් ගේ නායක වූ රදොවාන් කරදිෂ් (Radovan Karadzic) විත්තිකරු කරමින් නඩු විභාගය පැවැත්විණ මෙය සැළකුණේ යුධ අපරාධ සම්බන්ධ නඩු විභාගය සැලකෙන්නෙ දෙවන ලෝක යුද්ධයෙන් පසු යුධ අපරාධ අධිකරණයක දී පැවැත්වෙන වඩාත් වැදගත්ම නඩු විභාගය ලෙසටයි. එහිදී ඔහු වැරදි කරු විය.

ඔහු ජන සංහාරය සහ සමුලඝාතනය ඇතුළු අපරාධ වලට වරදකරු බව ඔප්පු විය ඒ අනුව හිටපු බොස්නියානු සර්බ් නායක රදොවාන් කරදිෂ්ට හේග් නුවර ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය විසින් වසර හතළිහක සිර දඬුවමක් දුන්නේය.

ඔහුට එරෙහි ව පැවති චෝදනා වූයේ ජන සංහාරය, සහමුලින් විනාශ කිරීම, බලහත්කාරයෙන් ඉවත් කිරීම, සහ මනුෂ්‍යත්වයට එරෙහි ව සිදු කළ අපරාධ යන පදනම යටතට වැටෙන එකිනෙකට වෙනස් වූ චෝදනා එකොළහකි  නමුත් දිගින් දිගටම කර්දිෂ් කියා සිටියේ තමන් වරදකරු නොවන බවයි.

රච්කෝ ම්ලාදික්

ඔහු බොස්නියානු සර්බි හමුදාවේ අණදෙන නිලධාරියා විය. බොස්නියානු ක්‍රොයේෂියානුවන් සහ බොස්නියැක් හමුදාවලට එරෙහිව ඔහු සිය හමුදා මෙහෙයවීය. යුගෝස්ලෝවියාව සඳහා පිහිටවූ යුධ අපරාධ අධිකරණය (the International Criminal Tribunal for the former Yugoslavia (ICTY)) විසින් ඔහුව අල්ලාගෙන නඩුවිභාගය ආරම්භ කළේ 2012 වසරේදී ය.

‘බොස්නියාවේ බුචර්’ (“Butcher of Bosnia”) යන අන්වරථ නාමයෙන් හැඳින්වූ බොස්නියාවේ හිටපු හමුදා අණ දෙන නිලධාරී රච්කෝ ම්ලැදික්, පස් අවුරුද්දක් තිස්සේ නඩු ඇසීමෙන් පසුව ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ලක්කිරීමට අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණය තීරණය කළේය.

1990 දශකයේ බොස්නියානු යුද්ධයේදී ඔහු විසින් හිටපු ප්‍රධාන අණ දෙන නිලධාරියා වශයෙන් කළ කී දෑ වලට අදාළව නැගී තිබූ ප්‍රධානතම චෝදනා ‘බොස්නියැක්’ යන කෙටි නමින් හඳුන්වන ‘බොස්නියාවේ ජීවත් වූ මුස්ලිම්වරුන්ට එරෙහිව යුධ අපරාධ සිදුකිරීම සහ, සරයේවෝ (සරජීවෝ නමින් ද ඇතැම්විට හඳුන්වයි) නගරය අල්ලාගෙන එහි වැසියන්ට එරෙහිව අපරාධ සිදුකිරීමයි.

යුගෝස්ලෝවියාවේ පිහිටා තිබෙන එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ අධිකරණය, ඔහුට එරෙහිව නැගී තිබූ චෝදනා 11 න් 10කටම ඔහුව වරදකරු කළේය.

නඩු තීන්දුව කියවන විට රච්කෝ ම්ලැදික් අධිකරණයේ සිටියේ නැත. එයට හේතුව, නඩු විභාගයේදී විනිසුරුවරුන්ට කෑ ගෑම නිසා ඔහු ව අධිකරණයෙන් ඉවත් කිරීමට සිදුවීමයි. රච්කෝගේ කෑ ගෑමට හේතු වී තිබුණේ, ඔහුගේ රුධිර පීඩනය අධික අගයකට වීම නිසා නඩු කාර්යය අත්හිටුවන ලෙසට ඔහුගේ නීතීඥයන් කළ ඉල්ලීම, විනිසුරුවරුන් විසින් ප්‍රතික්ෂේප කිරීමයි.

යුධ අපරාධ සිදුකළ හිටපු හමුදා නායකයාට යුධ අපරාධ අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදෙන ආකාරය, බොස්නියා අගනුවර රැස් වී සිටි ජනයා රූපවාහිනියෙන් නරඹමින් සිටියහ. “නමුත් ප්‍රීතිඝෝෂා හෝ ජයඝෝෂා ඇසුණේ නැත.“මේ නඩු තීන්දුවෙන් වෙනසක් වෙන්නෙ නෑ.” සරයේවෝ නගරය ම්ලැදික්ගේ ග්‍රහණයෙන් බේරාගැනීමට එදා තරුණ සොල්දාදුවෙක් බවට ස්ව කැමැත්තෙන් පත්වූ රෙසාද් රොබොන්ජා පැවසීය. එදා සරයේවෝ ග්‍රහණයේදී ම්ලැදික්ගේ හමුදාව විසින් 10,000කට අධික පිරිසක් අමු අමුවේ ඝාතනය කරනු ලැබීය.

“අපි මේ යුද්ධයේ උරුමයත් එක්ක ජිවත් වෙන්නෙ ඕනෙ. මේ කිසි දෙයක් නිසා ඒ වේදනාකාරී උරුමය නැති වෙන්නෙ නෑ..” යැයි සරයේවෝ වැසියෝ අපේක්ෂා සුන් වූ හඬින් අද පවසති.



#morearticles

#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි