×

අකුරු නොකරන… බීඩි ඔතන, මුර්ෂිඩාබාද් දැරීවියන් ගේ දුක

දියණියන් ලද මුර්ෂිඩාබාද් මවුවරු ඇයට හරියටම අවුරුදු 5 ලබද්දී බීඩි ඔතන්නට ඈව හුරු කරන්නෝය.


අකුරු නොකරන ….බීඩි ඔතන මුර්ෂිඩාබාද් දැරීවියන් ගේ රෝගී දුක් බර  ජීවිත වලින් මුළු නගරයම වැසී ඇත.

කොහේ හෝ අසුවුණ තැනක දාරමණ්ඩිය ගොතා ගන්නා ඔවුන් ආයෙත් නැගිටින්නේ පැය ගාණකට පසුවයි… දුම්කොළ කුඩු නාසයෙන් හා මුවින් ආග්‍රහණය වන විට ඇති වන කැස්ස ඔවුන්ට විටින් විට බාධා කළත් ඔවුන් හිඳ ගෙන සිටින ස්ථානයෙන් නැගිට්න්නේනම් නැත‍.

සෙල්ලමට හිත ඇතත් සෙල්ලම් කරන්නේ කෙසේ දැයි ඔවුන්ගේ මතකයේ නැත. ඔවුන්ගෙන් සමහරෙක් ජීවිතයේ කර ඇති එකම සෙල්ලම බීඩි එතීමම පමණකි.

ඒ ඉංදියාවේ මුර්ෂිඩාබාද් වීදි අයිනේ දැකිය හැකි කුඩා දැරියන්ගේ දින චර්යාවයි..
පාසැල් යන්නට සිහින තිබුණද මේ බී ඩි රස්සාව ඔවුන්ගේ ජීවිත පාසැලින් දුරස් කර ඇත‍.

බීඩි හා මුර්ෂිඩාබාද්

වෙස්ට් බෙංගාල් (බටහිර බොංගාලය) හී මුර්ෂිඩාබාද් , ඉංදියාවේ විශාලතම බීඩි කර්මාන්තයෙහි යෙදෙන නගරයයි. 1990 වසරෙදී මෙතෙක් කර්මාන්ත ශාලාවට සීමා කර තිබූ බීඩි කර්මාන්තය නිවෙස් දක්වා පුළුල් කෙරිනි. ඒත් සමග මුර්ෂිඩාබාද් දැරීවියන්ට සිය නිදහස මෙන්ම සුන්දර ළමා ජීවිතයද අහිමි වන්නට පටන් ගත්තේය එතෙක් පටන් මුර්ෂිඩාබාද් ළමා ශ්‍රමය බීඩි කර්මාන්තය විසින් සූරා කන්නට පටන් ගත්තේය.

ඉනිදියානු නියෝජ්‍ය කම්කරු කෙමසාරිස් කාර්යාලය විසින් 1990 වසරේ පවත් වන ලද සමීක්ෂණයකින් හෙළි වුණේ ලක්‍ෂ 4කට අධික බීඩි ඔතන්නන් සංඛ්‍යාවක් මුර්ෂිඩාබාද් හී ජීවත් වන බවත් ඉන් 90%ක්ම කාන්තාවන් හා දැරියන් බවත්ය.මේ වන විට මෙම තත්ත්වය එන්න එන්නම ඉහළ යන්නට පටන් ගෙන ඇත.. වැඩි වැඩියෙන් දැරීවියන් සිය අධ්‍යාපන කටයුතු නවතා බීඩි ඔතන්නට පටන්ගෙන ඇත. ඒ සිය පවුලේ බඩ වියත රැක දීමටයි.

ඛාතූන්ගේ කථාව

13 හැවිරිදි ඛාතූන් එවැනි දැරියන්ගෙන් අයෙකි. පසුගිය වසරේ ඈ සිය පාසැල් ගමන අත්හැරියේ තම පවුල ජීවත් කරන්නටය. දිනකට පැය 12ත් 14ත් ප්‍රමාණයක් ඈ බීඩි එතීමේ නිරත වෙයි.ඊට ඇයට දිනකට ලැබෙන්නේ ඉන්දියානු රුපියල් 124 වැනි සුළු මුදලකි. නමුත් ඇයට එයත් ප්‍රමාණවත්ය. ටෙන්ඩූ ( බීඩි යේ පිටත ආවරණය) පත්‍ර වල ට දුම්කොළදමා එතීමත්, එම පත්‍ර හැඩයට කැපීමත් ඈ ඉතා වේගයෙන් සිදු කරයි. රිදුම් දෙන කුඩා අතැඟිලි බීඩියේ ප්‍රමාණය හොඳින් දනී සෑම බීඩියක්ම එක ප්‍රමාණයට එන ලෙස සකසා ගත් මැනුම් දණ්ඩකින් මනිමින් ඈ බීඩිය ඔප මටිටම කරයි.. එයට ඈට ගත වන්නේ විනාඩියකටක් අඩු කාලයකි. දිනකට ඈ මෙසේ බීඩි 1000ක් ඔතන්නීය. රිදුම් දෙන අතැඟිලි මෙන්ම පිට කොන්ද ඇගේ බීඩි එතීම නවත්තන්නට හේතුවක් නොවන්නේ සිය දෛනික වැටුප රුපියල් 124ක මුදල කෙසේවත් අඩුවන්නට දීමට ඇයට අවසරයක් නෙමැති බැවිනි. පැය ගණනාවක් එක දිගට බෙල්ල නමා ගනිමින් එකම ඉරියවුවේ සිටින ඇයට ජලයද , ආහාර වේල්ද අතහැරෙන අවස්ථා එමටය. සමහර විට උදෑසන හිඳ ගන්නා ඇය නැගිටින්නේ රාත්‍රී නින්දටය. මුර්ෂිඩාබාද් හී සියළුම දියණියන්ට පාහේ උරුම වූ ජීවිත කථාන්දරය මෙය වෙයි.

දියණියන් ලද මුර්ෂිඩාබාද් මවුවරු ඇයට හරියටම අවුරුදු 5 ලබද්දී බීඩි ඔතන්නට ඈව හුරු කරන්නොය. ඇය මල්වර වන්නටත් පෙර බීඩි රැකියාවට ඈව ඇද දමන මේ මවුවරුන් එසේ කරන්නේ මදක් හෝ කැමැත්තෙන්නම් නොවේ. මුල් කාලයේ බොහෝ දෙමවුපියන් සිය දියණියන් පාසැල් යවන්නට කටයුතු කළද ඒ පාසැල් ගමන් බෙහෝ විට සීමා වන්නේ වසරකට දෙකකටය.. ඉනික්බිති ඔවුන් බීඩි කොළ වලට එතෙන්නට පටන් ගන්නේය.

ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය.

දුම්කොළ සමග දිනය පුරා ගත කරන මේ දැරීවියන් ලෙඩ වන්නේ දුම්වැටී උරන්නන් තරමටමය. ක්ෂය රේගය, ඇදුම , පපුවේ වේදනාව, කැස්ස, කරකැවිල්ල ඇස් රෝග , හස රදය මේවාගෙන් එකක් හෝ කිහිපයක් ඔවුන් සියල්ලන්ටම හිමිය. ඒ නමුත් මුර්ෂිඩාබාද් දිස්ත්‍රික්කයටම ඇත්තේ එකම එක රෝහලකි. බීඩි කාර්ඩ් එකක් ඇති සියළු රෝගීන්ට මෙම රොහලෙන් නොමිලේ ප්‍රතිකාර සැපයුවද ඒ රොග කිසිවක් දවසකින් දෙකකින් සුව නොවන ඒවාය.

ඒ නිසාම ඔවුන්ගෙන් බෙහෝමයක් ප්‍රතිකාර නොගන්නා තරම්ය..

මුෂ්රිඩ්බාද් වල තත්ත්වය එසේ වෙද්දී සමස්ථ ඉන්දියාවේම දුම් වැටි කර්මාන්තය ආශ්‍රිතව රැකියා කරන දරුවන් සංඛ්‍යාව මිලියන 2.66කි එනම් ඉන්දියාවේ සමස්ථ ළමුන් සංඛ්‍යාවෙන් (මිලියන 12.66) 12% කි. මීඩි කර්මාන්තයේ යෙදෙන ශ්‍රමිකයන්ගෙන් 40%ක් සිටින්නේ අවරුදු 5ත් 14ත් අතර දරුවන්ය. ඔවුන්ගෙන් වැඩි පිරිසක් මුෂාරිඩ්බාද්වල දිරියන්ය.



#morearticles

#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි