×

රාජකීය නීති කඩන මෙගන් කුමරිය

මෙගන් කුමරිය රාජකීයයන්ට අනුගමනය කළයුතු රීතිවලට අනුගත නොවූ පළමු අවස්ථාව මෙය නොවේ.


බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ සසෙක්ස්හි ආදීපාදවරිය මධ්‍යම ලන්ඩනයේ හැමිල්ටන් සංගීත ප්‍රසංගයට ගෞවරනීය ආරාධිතයෝ හැටියට පසුගිය දා සහභාගී වූහ. ප්‍රසංගය පවැත්වුණේ විටෝරියා පැලස් නෘත්‍ය ශාලාවෙහි ය.

සමාජ සත්කාරක වැඩපිළිවෙලක් ද අරමුණු කරගෙන සංවිධානය කර තිබුණු මේ ප්‍රසංගයට රාජකීය යුවළ පැමිණීමත් සමඟම සියල්ලන්ගේම අවධානය ඒ යුවළ වෙත යොමු විණ.

තිස් හත් හැවිරිදි මෙගන් කුමරිය බ්‍රිතාන්‍ය පවුම් 327ක් වටිනා මිනි ගවුමකින් සැරසී සිටියාය . ඈ  “ස්ටෝකිනට්” වර්ගයේ දිගු මේස් වලින් සිය පා ආවරණය කර නොගෙන සිටීම බොහෝදෙනකු මවිතයට පත් කළ කාරණයක් විණ. නිරුවත් පා වලින් මහජනයා ඉදිරියේ සිටීම අත්හල යුතු දෙවන එළිසබෙත් රැජිණ සියලුම රාජකීය කාන්තාවන් වෙත මින් පෙර දන්වා තිබූ බැව් ඇතැම් මාධ්‍ය සේවා පෙන්වා දී තිබුණේය.

ඒ අනුව රැජිණගේ එකී රීතියට අනුගත නොවෙමින් මෙගන් කුමරිය ප්‍රසංගයට සහභාගී වීම ඇතැම් මාධ්‍යවල විවේචනයටත් ලක්ව තිබිණ. කොහොම වුණත් මෙගන් කුමරිය රාජකීයයන්ට අනුගමනය කළයුතු රීතිවලට අනුගත නොවූ පළමු අවස්ථාව මෙය නොවේ. මෙයට පෙර අවස්ථාවන්හිදීත් ඈ ස්ටෝකිනට් නොපැළඳ සිට ඇත. ඒ හැරුණු විට කුමරිය උරහිස් රහිත  ඇඳුම්වලින් සැරසී සිට තිබෙන අවස්ථාත් තිබිණ. එමෙන්ම සෙල්ෆි ගැසීමටත්, නරඹන්නන්ගේ සමරු පොත්වල සටහන් තබන්නටත් කුමරිය අමතක කර නොතිබුණා ය.

    

ප්‍රසංගය අවසානයේදී හැරී කුමරු වේදිකාවට පැමිණ ගීත ගායනය කිරීම බොහෝදෙනෙකුට රසවත් අත්දැකීමක් වූයේය.

https://www.news.com.au/entertainment/celebrity-life/royals/meghan-stuns-in-mini-tuxedo-dress-at-london-performance-of-hamilton/news-story/3dc2d4a3051e28ccb351dcf96c7fa8ec

http://www.dailymail.co.uk/femail/article-6110273/Meghan-Markle-Prince-Harry-arrive-watch-special-charity-performance-Hamilton.html



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි