×

පෙබරවාරිය අධික ලෙස උණුසුම් වන බවට අනතුරු ඇඟවේ

රටවල් 140 ක් මාසික තාප වාර්තා බිඳ වැටි ඇත.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 17,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දේශගුණික විපර්යාසයන් හා එල් නිනෝ දේශගුණික රටාව හේතුවෙන් ලොව පුරා ගොඩබිම සහ සාගරවල උෂ්ණත්වය ඉහළ යන බැවින්, පෙබරවාරි මාසය අධික ලෙස උණුසුම් වීමට නියමිත බව කාලගුණ විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබේ.

එක්සත් රාජධානියේ ජාතික සාගර විද්‍යා මධ්‍යස්ථානයේ සමුද්‍ර පද්ධති ආකෘති නිර්මාණය පිළිබඳ සහකාර ප්‍රධානී ආචාර්ය ජොයෙල් හර්ස්චි මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, ග්‍රහලෝකය වේගවත් වේගයකින් උණුසුම් වෙමින් පැවතීම නිසා දේශගුණයේ විශාලතම තාප සංචිතය වන සාගරයේ ශීඝ්‍ර උෂ්ණත්වය ඉහළ යන බවයි.

ලොව පුරා ආන්තික උෂ්ණත්වයන් පිළිබඳ පර්යේෂණයන්හි නිරත වන මැක්සිමිලියානෝ හෙරේරා මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, පෙබරවාරි මස මුල වන විට මොරොක්කෝ, චීනය, දකුණු අප්‍රිකාව, සෞදි අරාබිය, තායිලන්තය, ඉන්දුනීසියාව, කසකස්තානය, කොලොම්බියාව, ජපානය, උතුරු කොරියාව, මාලදිවයින සහ බෙලීස්හි ඇතුළු රටවල් 140 ක් මාසික තාප වාර්තා බිඳ වැටි ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි