×

එක්සත් ජනපදයේ පොලී අනුපාතය ඉහළට

වියදම් වැඩි කිරීම මගින් නිලධාරීන් බලාපොරොත්තු වන්නේ ඉල්ලුම පහත වැටීම සහ මිල ගණන් පාලනය වීමයි.


එක්සත් ජනපදයේ ෆෙඩරල් මහ බැංකුව විසින් පොළී අනුපාතය ඉහළ දමා ඇති බව වාර්තා වන අතර 16 වසරකට පසු වාර්තාගත ඉහළම මට්ටම මෙය වේ.

ඒ අනුව රට තුළ උද්දමනය ඉහළ යාමට සාපේක්ෂව ෆෙඩරල් සංචිතය එහි ප්‍රධාන පොලී අනුපාතිකය සියයට 0.25කින් වැඩි කර ඇති අතර මෙය මාස 14ක් ඇතුලත සිදුවූ 10වන වැඩිවීමයි.

ඉහළ පොලී අනුපාත හේතුවෙන් නිවසක් මිලදී ගැනීම, ව්‍යාපාරයක් පුළුල් කිරීම සඳහා ණය ගැනීම හෝ වෙනත් ණය ගැනීම වඩාත් මිල අධික වේ. මෙලෙස වියදම් වැඩි කිරීම මගින් නිලධාරීන් බලාපොරොත්තු වන්නේ ඉල්ලුම පහත වැටීම සහ මිල ගණන් පාලනය වීමයි. එක්සත් රාජධානියට අමතරව යුරෝපය ඇතුළුව ලොව පුරා මහ බැංකු රැසක් මේ වන විට මේ හා සමාන ක්‍රියාමාර්ග ගෙන ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි