×

ලොව විශාලතම ඌරුමස් පරිභෝජකයා වන චීනයට, ඌරු මස් හිඟයක්.

ඒ අතරින් 15000ක් දෙනා වෛරසය වැළදීම හේතුවෙන් මරා දැමුණු ඌරන් අතර තවත් 5000ක් දෙනා රෝගය වැළදෙන්නට පෙර ප්‍රවේශම සදහා මරා දමා ඇත.


පසුගිය දෙසැම්බරයේ සිට ලොව විශාලතම ඌරුමස් පරිභෝජකයා වන චීනයේ ඌරුමස් ව්‍යාපාරය බිද වැටෙන්නට පටන් ගෙන තිබේ. ඒ ඌරන් අතර වෛරසයක් පැතිරී යෑම හේතුවෙන් උරන් 20000කට අධික ප්‍රමාණයක් මිය යාමයි.

ඒ අතරින් 15000ක් දෙනා වෛරසය වැළදීම හේතුවෙන් මරා දැමුණු ඌරන් අතර තවත් 5000ක් දෙනා රෝගය වැළදෙන්නට පෙර ප්‍රවේශම සදහා මරා දමා ඇත.
African swine feve හෙවත් අප්‍රිකානු ඌරු උණ නම් මෙම වෛරසය චීන ඌරු මස් කර්මාන්තය සම්පූර්ණයෙන්ම පහත හෙළා ඇත. ගෝලීය කෘෂිකාර්මික කටයුතු සදහා ණය ලබා දෙන Dutch bank Rabobank ආදී මූල්‍ය ආයතන ඇස්තමේන්තු කර ඇති පරිදි 019 වසර තුළ ලේකයේ ඌරු ජනගහණය තුන් ගුණයකින් අඩු විය හැකි බවයි ඊට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ඔවුන්ට වැළදෙන රෝග සහ දුබලයන් තෝරා මරා දැමීම හේතුවෙනි.
මෙම ඌරන්ට වැළදෙන වෛරසය මිනිසාට එතරම් හානියක් සිදු නොකරන මුත් ඌරන්ගේ මරණයටද හේතු වේ. කෙසේ වෙතත් මෙම තත්ත්වය මැඩලීම සදහා තවමත් කිසිදු එන්නත් ක්‍රමයක් හෝ සුව කිරීමේ ක්‍රමයක් සොයා ගෙන නැත.

අප්‍රිකාවේ මුලින්ම දැක ගත දැකිව ඇති මෙම වෛරසය ඉන් පසු යුරෝපයටත් , රුසියාවටත් ව්‍යාප්ත වීමෙන් පසු චීනයට ව්‍යාප්ත වී ඇත.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන පරිදි මෙම වෛරසය ඌරන් අතර ව්‍යාප්ත වීම මැඩලීම සදහා චීනය සුදුසු කටයුතු යොදා ඇත. නමුත් කිසිසේත්ම මෙම රෝගය ව්‍යාප්ත වීම මැඩලිය නොහැකි වීම හේතුවෙන් විශාල සංඛ්‍යාවක් ඌරන් මරා දැමීමට සිදු වී ඇත. මේ හේතුව නිසාම ඌරුමස් ව්‍යාපාරය සිදු කළ චීනයේ බෙහෝමයක් ව්‍යාපාර මේ වන විට අඩපණ වී ඇතැයි වාර්ථා වේ.

ලෝකයේ විශාලතම ඌරු මස් පරිභෝජකයා වන්නේ චීනයයි. චීනයේ බිලියන 1.4ක් වන ජනගහණය අතරින් වැඩි පිරිසකගේ ප්‍රධාන ආහාරය ඌරු මස් වේ. ඇමරිකාව විසින් චීනයට අපනයනය කරන භාණ්ඩ සදහා 62% බදු නියම කර තිබුණද, චීනයේ මේ වන විට ඌරු මස් මිලද පඉහළ ගොස් ඇති අතර පවතින හිගය පියවීම සදහා ඇමරිකාව සහ යුරෝපය මේ වන විටත් චීනයට ඌරුමස් අපනයනය කිරීන ප්‍රමාණය ඉහළ දමන්නට කටයුතු කරඇත.
2019 වසර චන්ද්‍ර කැලැන්ඩරය lunar calendar ට අනුව ඌරාගේ වසරයි. එය ඉතාමත් ප්‍රීති මත් වසරක් වීමට නියමිතව තිබුණද චීනයේ ඌරුමස් වෙළදාමටනම් උදා වී ඇත්තේ අභාග්‍යයේ වසරකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි