×

පාපන්දු ලෝක කුසලානය : එංගලන්තය අවසන් පූර්ව තරගයට

එංගලන්තය 2-0 ක් ලෙස ස්වීඩනය පරාජය කරයි.


අද පැවති ෆිෆා පාපන්දු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදී එංගලන්තය ගෝල 2-0 ක් ලෙස ස්වීඩනය පරදවා අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීය.

මෙය, එංගලන්තය වසර 28 ක පාපන්දු ඉතිහාසය තුළ පාපන්දු අවසන් පූර්ව තරගයක් සඳහා සුදුසුකම් ලද ප්‍රථම අවස්ථාවයි.

ස්වීඩනයේ සියලු බලාපොරොත්තු බිඳ හෙළමින් එංගලන්ත පිලේ හැරී මැගියුරේ (Harry Maguire) සහ ඩේල් අලි (Dele Alli) එහිදී ගෝල ලබාගත්හ.

මේ අනුව Gareth Southgate ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත පිල ලබන බදාදා දිනයේ සත්කාරක රුසියාව හෝ ක්‍රොයේෂියාව සමග අවසන් පූර්ව තරගයේදී සටන් වදිනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි