×

හින්දි සිනමාවේ අමරණීය 70 දශකය (2- කොටස)

සුප්‍රකට ෆිල්ම් ෆෙයා සම්මාන උළෙල, එම දශකය තුළ එක් එක් වර්ෂවලදී පැවැත්වුණු ආකාරය පිළීබඳ ආවර්ජනීය මතක සටහනක්


හින්දි සිනමාවේ අමරණීය 70 දශකය (1- කොටස)

1975 – “මෙය හරියටම ඉතාම වයස්ගත වූ යුවලකට දරුවෙකු ලැබීම වැනි දෙයක්’’

උළෙලේ ප්‍රධාන අමුත්තා වූ ඩේවිඩ් අමතා කල්‍යාණී ජි-ආනන්ද් ජි යුවළ ප්‍රකාශ කළහ. ‘කෝරා කගාස්’ චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය ප්‍රදානය කිරීමට ජයා බහදුරී කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇයද හැඟුම්බර ලෙස කඳුළු සැලුවාය.

 

ඩිම්පල් තම දෙවැනි දරුවා ලැබීමට ගැබ්බරව පසුවූවාය. ඈ සමග සභා ගැබට පිවිසි ඇගේ ස්වාමිපුරුෂයා රාජේෂ් ඛන්නා, තෙවැනි වතාවටද හොඳම නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලබද්දී (අවිශ්කාර් සඳහා) සභා ගැබ අත්පොලසන් නාදයෙන් ගිගුම් දුන්නේය. ‘හාත් කී සෆායි’ හි රංගනය සඳහා විනෝද් ඛන්නා තම පළමු හා එකම (හොඳම සහාය නළුවාට හිමි) සම්මානය දිනා ගත්තේය. (පසුව 1999 දී ඔහු Lifetime Achievement සම්මානයෙන් පුද ලැබීය.)

උළෙලට ආ අනෙකුත් නළු නිළි යුවල අතර සලීම් – සල්මා, ජාවඩ් හනී ඉරානිද වූහ. ආකර්ෂණීය තනිකඩ සීනත් අමාන් මෙහිදී අතිශය උණුසුම් ලෙස පසුවූවාය. ඈ සිටියේ ෆැරන්හයිට් අංශක 101 ක දැඩි උණෙන් පෙළෙමිනි.

1976 – පුදුමයි! පුදුමයි!

ආන්ධී, අමනුෂ්, දීවාර්, ජූලි, ජායි සන්තෝෂ් මා, කුෂ්බූ, සන්‍යාසි ෂෝලෙයි ආදී චිත්‍රපට රැසක් තරගය සඳහා එක් වී තිබිණි.

දීවාර් සම්මාන හතක් දිනා ගත්තේය. හොඳම චිත්‍රපටය (ගුල්ෂාන් රායි), හොඳම අධ්‍යක්ෂණය (යාෂ් චොප්රා), සමාන්තර චරිතයක් සඳහා හොඳම නළුවා (ශෂි කපූර්), හොඳම කතාව, දෙබස් හා තිර රචනය (සලීම් ජාවෙඩ්) සහ හොඳම ශබ්ද පරිපාලන (එම් ඒ ෂයීක්) එම සම්මානයන්ය. හොඳම නළුවාට හිමි සම්මානය සඳහා අමිතාබ් භච්චන්ගේ නම යෝජනා වුවද (දීවාර් චිත්‍රපටය සඳහා) අවසානයේ සභා ගැබෙන් නැග ආ උණුසුම් ඝෝෂා කිරීම මැද එය හිමි වූයේ අන්ධී චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් සන්ජීව් කුමාර්ටය.

රාකේෂ් රොෂාන් හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය (ජූලි) තම බාල සොහොයුරු රාජේෂ්ට පිරිනැමුවේය. හොඳම දෙබස් සඳහා සම්මානය සලීම්ට හෙලන් විසින් පිරිනැමුණු අතර ජාවඩ් හට හොඳම කතාවට හිමි සම්මානය ෂබානා අස්මි අතින් පිරිනැමුණි.

පුදුමසහගත සිදුවීම් බහුල වර්ෂයක් ලෙස මෙය ඉතිහාසගතවඇත. අන්ධි චිත්‍රපටිය සඳහා සුචිත්‍රා සෙන් ද, මිලි චිත්‍රපටිය සඳහා ජායා බහදුරි ද නාමයෝජනා ලැබුවද හොඳම නිළිය සම්මානය ලබා වේදිකාවෙන් ඇවිද ආවේ ජූලි චිත්‍රපටයේ රඟපෑ ලක්ෂ්මීය.

ෂෝලෙයි චිත්‍රපටය ප්‍රධාන පෙළේ සම්මාන නවයකට නාමයෝජනා ලැබීය. එනම් හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා (සන්ජීව් කුමාර්), හොඳම සහාය නළුවා (අම්ජාඩ් ඛාන්), හොඳම විකට නළුවා (අස්රානි), හොඳම කතාව (සලේම් – ජාවඩ්), සංගීත අධ්‍යක්ෂණය (ආර්.ඩී. බර්මාන්), හොඳම පද රචනය (අනන්ද් බක්ෂි – මේබූඩා ගීතය) එහෙත් පුදුමයක මහත! ෂෝලෙයි දිනාගත්තේ හොඳම සංස්කරණයට හිමි තාක්ෂණික සම්මානයක් පමණකි.

1977 – කබි කබී කුෂි

24 වැනි ෆිල්ම්ෆෙයාර් සම්මාන රාත්‍රියයි. ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අතල් බිහාරි වජ්පායි මහතා ප්‍රේක්ෂකාගාරය ඇද බැඳ තබන ආකාරයේ කතාවක් කළේය.

පෙර වර්ෂයේ, එනම් 1976 අගෝස්තු 27 දා මියගිය මුකේෂ් සඳහා ගෞරව බුහුමන් දැක්වීම ද මෙහිදී සිදු විය. සම්මාන දිනාගත් ‘කබි කබී මෙරේ දිල් මෙයින්’ ගීතය වේදිකාව මත ගැයීම ඔහුගේ පුතු නිකිත් මුකේෂ් අතින් සිදු විය. එසේම ඔහු එම ගීතය සඳහා පියාට හිමි වූ ෆිල්ම්ෆෙයාර් සම්මානය ද රාජ් කපූර් අතින් පිළිගත්තේය. කබි කබී චිත්‍රපටය සම්මාන හතරක් දිනා ගත්තේය. ඒ අනුව හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා කියාම් ද, හොඳම පද රචනය සඳහා සහීර් ලුයියාන්වි ද, හොඳම ගායකයා ලෙස මුකේෂ් ද හොඳම දෙබස් රචනය සඳහා සාගාර් සහාදි ද සම්මාන ලැබූහ.

රාඛි සහ සන්ජීව් කුමාර් වේදිකාවෙන් ඇවිද ආවේ සම්මානලාභී යුවළක් ලෙසය. ඇය තපස්යා චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් අතර ඔහු හොඳම නළුවාට හිමි දෙවන ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනාගත්තේ ‘අර්ජුන් පණ්ඩිත්’ චිත්‍රපටය සඳහාය. මේ අතර මෝසම් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් ගුල්සාර්, සිව්වන සම්මානය ද දිනා ගත්තේය.

1978 – ෂාඩි කේ බාඩි

හොඳම සහාය නළුවාට හිමි සම්මානය දෙවතාවක් දිනා ගැනීමෙන් පසු අමිතාබ් භච්චන් අවසානයේ හොඳම නළුවාට හිමි පළමු සම්මානය දිනා ගත්තේය. ඒ ‘අමාර් අක්බර් ඇන්තනි’ චිත්‍රපටය සඳහාය. එයට හිමි සම්මානය ඔහුට පිරිනැමුවේ අධ්‍යක්ෂ මන්මෝහන් දෙසයි විසිනි. භච්චන් බිරිඳ ජයා සිටියේ ප්‍රීතියෙන් කුල්මත්ව නම් නොවේ. හේතුව ඇයට සෙංගමාල රෝගය වැලඳී තිබුණා පමණි.

අලුත විවාපත් ජෝඩු දෙකක් වෙත සියල්ලන්ගේම අවධානය යොමු විය. විනෝද් මේරා සම්මාන උළෙලට සහභාගි වීමට පැමිණ සිටියේ තම මධුසමය කල්දමා, එක් දිනක් පමණක් වයසැති බිරිඳ සමගය. එහෙත් කමල් හසන් – වානි ගනපති යුවළ ඔවුන් පරදවාලීය. කමල්-වානි තම මංගල උත්සවයට සහභාගි වීමෙන් පසු කෙළින්ම පැමිණ සිටියේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලටය.

1979 -නූටාන්ගේ ඇඳුම් විලාසිතාව

හොඳම නිළිය සම්මානය දිනාගත් නූටාන්ගේ ඇඳුම් විලාසිතාව පවා ප්‍රේක්ෂකයන්ගේ නෙත්සිත් ඇද ගත්තේය. ඇය සම්මානය ලැබුවේ ‘මෙයින් තුල්සි තෙරේ ආන්ගන් කී’ චිත්‍රපටය සඳහාය.

ඩොන් චිත්‍රපටයේ නිරූපණය කළ ද්විත්ව චරිතය සඳහා අමිතාබ් භච්චන් දෙවැනි වරට ද හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.

සත් වතාවක් ෆිල්ම්ෆෙයාර් උළෙලේ හොඳම ගායිකාව ලෙස සම්මාන ලබා සිටි ආශා බෝස්ලේ, යෙන් මෙරා දිල් (ඩොන් හි) සඳහා සම්මාන දිනා ගැනීමෙන් පසු තමා ෆිල්ම්ෆෙයාර් සම්මානවලින් සමුගන්නා බව ප්‍රකාශ කළාය.

‘සර්ගම්’ චිත්‍රපටයේ සංගීතය සඳහා ලක්ෂ්මිකාන්ත-ප්යාරෙලාල් සයවෙනි ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනා ගත්තේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි