රුසියානු තර්ජන මැද යුක්රේනයේ පළමු ධ්‍යානය නෞකාව පිටත් වේ
ජනාධිපති සෙලෙන්ස්කි සදහන් කර තිබුනේ කළු මුහුදේ නාවික නිදහස යථා තත්ත්වයට පත් කිරීම සඳහා යුක්රේනය වැදගත් පියවරක් ගෙන ඇති බවයි.
රුසියා නාවුක හමුදාවේ තර්ජන මධ්‍යයේ යුක්රේනයේ පළමු ධ්‍යානය ප්‍රවාහන නෞකාව ඔඩෙසා වරායෙන් පිටත් වූ බව කියෙව් නිවේදනය කර තිබේ.
පසුගිය මාසයේ එකසත් ජතින්ගේ සංවිධානය හා තුර්කිය මැදිහත්වීම මත යුක්රේනය හා රුසියාවේ සහයෝගය මත කළු මුහුද හරහා සිදු වූ ධ්‍යානය ගනුදෙනුවෙන් රුසියාව ඉවත් වීමත් සමග යුක්රේනයේ පළමු ධ්‍යානය තොගය අපනයනය කිරීමේ මුල්ම අවස්ථාව මෙයයි.
මේ සම්බන්දයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සදහනක් කරමින් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සදහන් කර තිබුනේ කළු මුහුදේ නාවික නිදහස යථා තත්ත්වයට පත් කිරීම සඳහා යුක්රේනය වැදගත් පියවරක් ගෙන ඇති බවයි.
සශිකලා මධුෂාණි