×

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..


සටහන: සශිකලා මධුෂාණි,මැයි 07,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු අප්‍රිකාවේ බස්නාහිර කේප් පළාතේ ජෝර්ජ් නගරයේ ඊයේ(06) දිනයේදී බහු මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මිය ගොස් 49 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර පුද්ගලයින් 26 දෙනෙකු සුන්බුන් වලින් ඉවත් කර ඇති බව ජෝර්ජ් මහ නගර සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ, අනතුරට ලක් වූ පවුල් වෙනුවෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන බවත්, මෙවන් ව්‍යසන නැවත සිදුවීම වැලැක්වීම සඳහා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි