×

සිඩ්නි නුවර වෙළෙඳ මධ්‍යස්ථානයක සිදුවූ පිහි ඇනුමකින් පස් දෙනෙක් මරුට

ඔස්ට්‍රේලියාවේ විශාල ජීවිත හානි සිදුවීම දුර්ලභ වේ.


සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 13,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කාර්යබහුල සාප්පු මධ්‍යස්ථානයක සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව මාස ​​නවයක් වයසැති බිළිඳෙකු ඇතුළුව අට දෙනෙකු තුවාල ලබා ඇති බව ඔස්ට්‍රේලියානු පොලීසිය ප්‍රකාශ කර තිබේ.

සැකකාර පුද්ගලයා තනිව ක්‍රියාත්මක වී ඇති අතර ඔහු එම ස්ථානයේදීම වෙඩි ප්‍රහාරයකින් මියගිය බව නිව් සවුත් වේල්ස් පොලිසියේ සහකාර කොමසාරිස් ඇන්තනි කුක් මාධ්‍ය වෙත තහවුරු කර තිබේ.

ඔහුගේ අනන්‍යතාවය හෝ චේතනාව පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් මාධ්‍ය වෙත ලබා දී නොමැති අතර ඔස්ට්‍රේලියාවේ විශාල ජීවිත හානි සිදුවීම දුර්ලභ වන අතර ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albenese සඳහන් කර තිබුණේ, මෙම ඛේදජනක සිදුවීමට බදුන් වුවන්ට සිය කණගාටුව ප්‍රකාශ කරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි