×

අධික වර්ෂාව හේතුවෙන් ඊසානදිග ඕස්ට්‍රේලියාවට වාර්තාගත ගංවතුරක්

කුක්ටවුන් සිට ඉනිස්ෆයිල් දක්වා බොහෝ නගර ගංවතුර ජලයෙන් හුදකලා වී ඇත.


පසුගිය සතියේ ඕස්ට්‍රේලියාවට කඩා වැදුණු ජැස්පර් නිවර්තන සුළි කුණාටුව හේතුවෙන් ගතවූ පැය 40 තුළ ඇති වූ අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් ඊසානදිග ඕස්ට්‍රේලියාවට ගංවතුර තත්වයක් ඇති බව වාර්තා වේ.

කුක්ටවුන් සිට ඉනිස්ෆයිල් දක්වා බොහෝ නගර ගංවතුර ජලයෙන් හුදකලා වී ඇති අතර කලාපයේ සියලුම ප්‍රධාන රාජ්‍ය මාර්ග සහ දුම්රිය මාර්ග වසා ඇත. හදිසි අවශ්‍යතා සඳහා පමණක් ජලය භාවිතා කරන ලෙස කෙයාර්න්ස් වැසියන්ගෙන් ඉල්ලා ඇති අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ එක රැයකින් පුද්ගලයන් 300 කට වැඩි පිරිසක් බේරා හෙන ඇති අතර 14,000ක් පමණ සිවිල් වැසියන්ට දින 4ක් පුර විදුලිය නොමැති බවයි, බව බලධාරීන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ,

අර්ධ වශයෙන් ගංවතුරෙන් යට වී ඇති කෙයාර්න්ස් ගුවන් තොටුපළට ඇතුළු වන සහ ඉන් පිටතට යන සියලුම ගුවන් ගමන් සඳුදා අවලංගු කර ඇති අතර ජැස්පර් කලාපය පුරා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින් කාලගුණ නිලධාරීන් උතුරේ සමහර කොටස් සඳහා හදිසි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබේ. ක්වීන්ස්ලන්ත භාණ්ඩාගාරික කැමරන් ඩික් අනතුරු අඟවා ඇත්තේ ව්‍යසනය ප්‍රාන්තයට ඩොලර් බිලියනයක බලපෑමක් ඇති කරනු ඇති බවයි.

කෙයාර්න්ස් නගරය, කේප් යෝර්ක් හා වුජල් සහ ඉන්ග්හැම් ඇතුළු ප්‍රදේශ කිහිපයක් වර්ෂාව හේතුවෙන් අවදානමට ලක්ව ඇති අතර එම ප්‍රදේශ වල කිඹුලන් ගංවතුරේ පිහිනමින් සිටිනු දැක තිබේ.

රටේ තත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය Anthony Albanese ප්‍රකාශ කර තිබුණේ, ගලවා ගැනීමේ සහ සහන කටයුතු සඳහා ඔස්ට්‍රේලියානු හමුදාව සූදානම් කර ඇති බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි