×

ස්වභාවික ආපදා හේතුවෙන් පසුගිය වසර හය තුළ දිනකට ළමුන් 20,000 ක් අවතැන්ව ඇත – UNICEF

වාර්තාවට අනුව අවතැන්වීම් වලට අමතරව ළමා ජාවාරම් සහ අපයෝජන, සූරාකෑම අවදානම වැඩි වී ඇති අතර දරුවන් මන්දපෝෂණය, රෝග වෙනුවෙන් දරුවන් නිරාවරණය වීමේ වැඩි ඉඩක් පවති.


ගංවතුර, කුණාටු, නියඟ සහ ලැව්ගිනි හේතුවෙන් පසුගිය 2016 සහ 2021 අතර වසර හය තුළ මිලියන 43 කට වැඩි දරුවන් අවතැන්ව ඇති බවත්, දේශගුණික විපර්යාස නිසා ඇතිවන අයහපත් කාලගුණය හේතුවෙන් දිනකට ළමුන් 20,000ක් අවතැන් වන බව යුනිසෙෆ් ආයතනයේ නව දත්ත වාර්තා කර තිබේ.

ඒ අනුව, වාර්තා වී ඇති සියලුම ළමා අවතැන්වීම් වලින් 95%ක් ගංවතුර සහ කුණාටු හේතුවෙන් සිදුව ඇති අතර ඉතිරිය නියඟය සහ ලැව්ගිනි හේතුවෙන් සිදු වී තිබේ.

සමස්ත අවතැන්වීම් සංඛ්‍යාව අනුව පිලිපීනය, ඉන්දියාව සහ චීනය, වාර්තා අතර ඉහලින්ම ඇති අතර එහිදී වසර හයක කාලය තුළ මුළු ළමුන් මිලියන 23කට ඔවුන්ගේ නිවෙස්වලින් සහ පාසල්වලින් බලහත්කාරයෙන් ඉවත් වීමට සිදුව ඇත.

වාර්තාවට අනුව, එක් එක් රටවල ජනගහනයේ ප්‍රමාණයට සාපේක්ෂව අවතැන් වූ ළමුන් සංඛ්‍යාව වෙනස් වන අතර 2017 දී මාරියා සුළි කුණාටුව බලපෑ කුඩා කැරිබියන් දූපත් රට වන ඩොමිනිකා හි වසර හයක කාලය තුළ ළමා ජනගහනයෙන් 76% ක් අවතැන් ව ඇත. එමෙන්ම දකුණු සුඩානය සහ සෝමාලියාව ගංවතුරෙන් වැඩිම ළමා අවතැන්වීම් අත්විඳ ඇති අතර ළමුන්ගෙන් 11% සහ 12% කට තම නිවෙස්වලින් පලා යාමට සිදු ව තිබේ.

සෝමාලියාව, ඉතියෝපියාව සහ ඇෆ්ගනිස්ථානයේ ළමුන් මිලියන 1.3 කට වැඩි පිරිසකට තම නිවෙස් හැර යාමට සිදුවී ඇති අතර එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ලැව්ගිනි ද ළමුන් අවතැන් වීමට හේතු වී තිබේ. වාර්තාවට අනුව අවතැන්වීම් වලට අමතරව ළමා ජාවාරම් සහ අපයෝජන, සූරාකෑම අවදානම වැඩි වී ඇති අතර දරුවන් මන්දපෝෂණය, රෝග වෙනුවෙන් දරුවන් නිරාවරණය වීමේ වැඩි ඉඩක් පවතින බවද සඳහන් වේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි