පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ජාලා හරහා මහත් සේ සංසරණය වූ මේ ඡායාරූපය ඔබ දුටුවාද? එයට නම් තබා තිබුණේ, ‘‘දේශපාලනඥයෝ දේශගුණික විපර්යාස ගැන කතා කරති‘ යනුවෙන්.
ජලයේ ගිල්වූ මේ සිමෙන්ති ප්‍රතිමා දැකගත හැකි වන්නේ ජර්මනියේ බර්ලින් නුවර. සමහරෙක් කර වටක්ම දියේ ගිලිලා. තවත් අයගේ නාසයට උඩිනුත් වතුර ගිහින්. සමහරු දැනටමත් ගිලී මැරිලා…
දේශපාලනඥයන් තමන්ගේ නහය ළඟට එන තෙක්ම පාරිසරික ප්‍රශ්න ගැන අසංවේදී බව හඟවන මේ අපූරු නිර්මාණය අයිසැක් කෝර්ඩල් Isaac Cordal කියන ස්පාඤ්ඤ ජාතික මූර්තිකරුවා ලොව පුරා කලින් කලට පවත්වන ප්‍රදර්ශනයක එක කොටසක්. ඔහු මෙවැනි අපූර්ව නිර්මාණ රාශියක් කර තිබෙනවා. ඒ ඇතැම් නිර්මාණකින් දැක්වෙන්නේ, සිරියාවේ යුධ නටඹුන් සිහිගන්වන සුන්බුන් ගොඩක් මැද තමන්ගේ ජංගම දුරකථනය ඔබමින් සිටින ලොක්කෙක්… තවත් එකක හුදෙකලා වූ ලෝක නායකයෙක්. මේ අතිශය නිර්මාණශීලී සහ දේශපාලන අර්ථයක් සහිත මූර්ති පෙළ ට ඔහු නම තබා තිබෙන්නේත් ‘‘නායකයන් පිටුපස එන්න!“ FOLLOW THE LEADERS යනුවෙන්.
Château des Ducs de Bretagne in Nantes, France (2013)
Venduto 3. Milano, Italy
London, UK.
Beaufort04. De Panne, Belgium
London, UK.
Festival des Libertes. Brussels, Belgium
La Otra Bienal. Bogotá, Colombia. November 2013
අප මේ ඡායාරූප ඔබ වෙත ගෙන ආවේ ඔහුගේ බ්ලොග් අඩවියෙන්. එහි ගොස් මේ අපූරු දේශපාලන නිර්මාණකරුවාගේ තවත් නිර්මාණ ඔබට රස විඳින්නට පුළුවන්.