×

දකුණු සුඩානයේ ආහාර අර්බුධය නොසන්සුන්

දකුණු සුඩානයේ ප්‍රමුඛ සන්නද්ධ කන්ඩායම් දෙක වසර ගණනාවක සටන් වලින් පසුව එක්සත් ආන්ඩුවක් පිහිටුවීමට එකඟ වී වසර දෙකකට පසුව, වූවත් ආයුධ සංසරණය දිගටම පවතියි.පසුගිය වසරේ ජුනි සහ සැප්තැම්බර් අතර, එරටේ බටහිර සමක් ප්‍රාන්තයේ සහ තඹුරා ප්‍රාන්තයේ අවම වශයෙන් පුද්ගලයින් 440 දෙනෙකු මිය ගොස් 64 දෙනෙකු ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්ව ඇත.එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කළේ , සුඩානයට මායිමේ පිහිටි අබෙයි හි සටන් කිරීමෙන් පුද්ගලයන් 50,000 ක් අවතැන් වි ඇති බවයි.


 

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කොල්ලකෑම සහ සහන සේවකයන්ට පහර දීම දකුණු සුඩානයේ ඉහළ යමින් පවතින අතර , කුසගින්න සමාජ නොසන්සුන්තාවක් ඇති කරතිබේ.පෙර නොවූ විරූ ආහාර හිඟයක් ඇතිව තිබෙන තත්වයක් තුල ප්‍රජාව විසින් ආයුධ අතට ගන්නා විට ආරක්ෂාව පිලිබඳව තත්වය අනතුරු දායක මට්ටමට පත්ව ඇති බවට එරට සහන සේවා සංවිධාන අනතුරු අඟවා තිබේ.එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත්තේ රටේ ජනගහනයෙන් 70% ක් පමණ ආහාර සහා අරගල කරනු ඇති බවයි.

අවි දරන විවිධ කණ්ඩායම්වල කටයුතු සහ රජයේ සේවා හිඟකම සහ අනාරක්ෂිත භාවය නිසා ඇතිවන සමාජ නොසන්සුන්තාවය උද්ගත වි තිබේ.මානුෂීය සංවිධාන නියෝජිතයින් දෙදෙනෙකු පසුගිය පෙබරවාරි මාසයේදී ගැටුම්කාරි ප්‍රදේශ තුල දී ඝාතනය කිරීම සහ මේ වසරේ ආධාර රථ පෙළට, ගබඩාවලට සහ වෛද්‍ය කණ්ඩායම්වලට ප්‍රහාර ගණනාවක් එල්ල වීම අර්බුධ)ය උත්සන්න කර තිබේ.

නෝර්වීජියානු සරණාගත කවුන්සිලය පැවසුවේ එරට යුනිටි ප්‍රාන්තයේ පෙබරවාරි මාසයේදී එහි ගබඩා හතර වතාවක් කොල්ල කෑ බවත් ගංවතුරෙන් පීඩාවට පත් පුද්ගලයින් 23,000 කට පමණ ලබා දීමට නියමිතිව තිබූ ආධාර අහිමි වූ බවත්ය. මෙම ප්‍රහාරයන් සහන සේවකයන් ඉවත්ව යන්නට වූ අතර, අදාල ආයතනයට සමහර මානුෂීය මෙහෙයුම් අත්හිටුවීමට සිදු විය.

කලාපයේ සටන් වලින් අවතැන් වූ පුද්ගලයින්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති Unity ප්‍රාන්තයේ Leer හි ලෝක ආහාර වැඩසටහන (WFP) ගබඩාවක් ද මේ වන විට කොල්ලකා ඇත. ඒ ආසන්නයේ ඇති වූ සටන් හේතුවෙන් පෙබරවාරි අග වන විට 40,000 කට ආසන්න පිරිසක් යුනිටි ප්‍රාන්තයේ නගරයට පැමිණෙන්නට විය. දකුණු සුඩානය තුළ මිලියන 2 ක පමණ ජනතාවක් අවතැන් වී ඇත.2021 මැයි මාසයේ සිට ගංවතුරෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් 680,000 ක් ඇතුළුව දකුණු සුඩානයේ මිලියන 8.9 ක ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වී තිබේ.වර්ෂා සමය ආරම්භ වීමට පෙර Jonglei වැනි ගංවතුර අවදානම් ප්‍රාන්තවලට සැපයුම් බෙදා හැරීමට අවශ්‍යයි. නැතිනම් ප්‍රජාවගේ පෝසන තත්වය අවදානම් සහගත විය හැකිය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ, 2013 වසරේ සිට දකුණු සුඩානයෙන් පැමිණි මානුෂීය සේවකයන් 130 දෙනෙකු රට තුළ මරා දමා ඇති බවයි. පසුගිය වසරේ වාර්තා වූ ප්‍රචණ්ඩ ප්‍රහාර 370කදී පස් දෙනෙකු ද මිය ගොස් ඇත.

දකුණු සුඩානයේ ප්‍රමුඛ සන්නද්ධ කන්ඩායම් දෙක වසර ගණනාවක සටන් වලින් පසුව එක්සත් ආන්ඩුවක් පිහිටුවීමට එකඟ වී වසර දෙකකට පසුව, වූවත් ආයුධ සංසරණය දිගටම පවතියි.පසුගිය වසරේ ජුනි සහ සැප්තැම්බර් අතර, එරටේ බටහිර සමක් ප්‍රාන්තයේ සහ තඹුරා ප්‍රාන්තයේ අවම වශයෙන් පුද්ගලයින් 440 දෙනෙකු මිය ගොස් 64 දෙනෙකු ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්ව ඇත.එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කළේ , සුඩානයට මායිමේ පිහිටි අබෙයි හි සටන් කිරීමෙන් පුද්ගලයන් 50,000 ක් අවතැන් වි ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි