×

ගෝලීය ආහාර මිල නව අවදානමක ?

FAO ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මැක්සිමෝ ටොරේරෝ සඳහන් කර තිබුණේ, ඉන්දියාවේ සහල් අපනයනය සීමා කිරීම උප සහරා අප්‍රිකාවට, ආසියාවට මෙන්ම ලෝක ජනගහනයෙන් වැඩි පිරිසකට ආහාර අනාරක්ෂිත බව පිළිබඳව ගැටලු මතුකරනු ඇති බවයි.


කළු මුහුදේ ධාන්‍ය අපනයනයෙන් රුසියාව ඉවත් වීමත් ඉන්දියාව විසින් වැඩි ඉල්ලුමක් සහිත සහල් අපනයනයන් සීමා කිරීමත් සමඟ මේ වන විට සහල් සහ එළවළු තෙල් වැනි ආහාර ද්‍රව්‍යවයන්ගේ මිල ඉහළගොස් ඇති බව ආහාර ද්‍රව්‍යවල ජාත්‍යන්තර මිලෙහි මාසික වෙනස්වීම් නිරීක්ෂණය කරන (FAO) ආහාර මිල දර්ශකය හෙවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සඳහන් කර තිබේ.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ තිරිඟු, බාර්ලි, සූරියකාන්ත තෙල් සහ අනෙකුත් ආහාර මිල ගණන් ඉහළ ගිය අතර අප්‍රිකාවේ, මැදපෙරදිග සහ ආසියාවේ මිලියන ගණනක් ඉන් පීඩාවට පත්විය. මේත් සමඟ ආනයන මත යැපෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් උද්ධමනය, දරිද්‍රතාවය සහ ආහාර අනාරක්ෂිත භාවය ඉහළ ගිය අතර මේ වන විටත් රටවලට එහි බලපෑම දැනෙමින් තිබේ.

FAO ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මැක්සිමෝ ටොරේරෝ සඳහන් කර තිබුණේ, සහල් සහ එළවළු තෙල් සඳහා වන ඉහළ පිරිවැය හේතුවෙන් ජූනි මාසයට වඩා ජූලි මාසයේදී 12.1% කින් හා සූරියකාන්ත තෙල් මිල 15%කින් ඉහළ ගොස් ඇති බවත්, ඉන්දියාවේ සහල් අපනයනය සීමා කිරීම උප සහරා අප්‍රිකාවට, ආසියාවට මෙන්ම ලෝක ජනගහනයෙන් වැඩි පිරිසකට ආහාර අනාරක්ෂිත බව පිළිබඳව ගැටලු මතුකරනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි