×

ගාසාවේ පාපන්දු ආශාව සහ දේශපාලනයේ සසැලීම්

"ඔවුන් ආවේ කොහෙන්ද කියලා ඔවුන්ට අමතක නැහැ,"


මුස්ලිම් ආධිපත්‍යය සහිත බොහෝ රටවල හැසිරීමේ රටාව කූඩුගත එකකි.පාලකයා විසින් ආගම විසින් පනවන රාමුවක් ඇතුළත සිදු නොකළ යුතු දේ ට යටත්ව ජිවත්වීම නිදහස සේ ගත යුතුය.නමුත් මේ මොහොතේ ඊට වෙනස් ජාතියක් සේ දේශයක් සේ වඩාත් දේශපාලනික එකඟතාවයකට ජනතාව විසින් එකඟව ඇත.ඒ මොරොක්කෝව සම්බන්ධයෙන්ය.
කොයි මොහොතේ පුපරාවිදැයි බලා සිටින ගාසා වේ ආදරය උතරා හැලෙමින් තිබෙයි.මොරොක්කෝව ජයග්‍රහණයේ සතුට වෙනුවෙන් පලස්තීන ධජය ඔසවා ප්‍රතිචාර දැක් වුව ද,ඊශ්‍රාලය නොමනාපයෙන් වුව මොරොක්කෝවේ ලේ සබඳකම්වලට ඉව අල්ලන්නේ රහ බැලීමේ පිපාසාවෙන්ය.
සොෆායින් බෝපාල් සිය මව සමඟ පෘතුගාලයට එරෙහි ජයග්‍රහණයේ සතුට විඳිමින් රැඟූ අයුරු උදාහරණයට ගෙන ඊශ්‍රායලය පදනම් කරගත් මොරොක්කෝ යුදෙව්වන්ගේ ලෝක සම්මේලනයේ ප්‍රකාශකයෙකු වන අවි නච්මානි පැවසුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම මව්වරුන් සමඟ සමරන දර්ශන මොරොක්කෝ යුදෙව්වන් තම දෙමාපියන්ට ගෞරව කරන ආකාරය සිහිපත් කළ බවය. “ඔවුන් ආවේ කොහෙන්ද කියලා ඔවුන්ට අමතක නැහැ,” ඔහු පැවසීය.


නමුත් මොරොක්කෝව මුස්ලිම් රටක් සේ හැදින්විම වඩාත් තදින් හිතට අරගෙන සිටින්නේ පලස්තීනය ය.ඔවුන් ඇතැමෙක් මොරොක්කෝ අවසන් පූර්ව සම්ප්‍රාප්තිය කුසලානයෙන් නවතින්නට ප්‍රාර්ථනා කරන අතරේම මොරොක්කෝ ජයග්‍රහණ පලස්තීන ජයග්‍රහණ හා සමානව විශ්වාස කරන බව පවසන්නේය.
ගාසා තීරයේ ඇතැම් තැනෙක කටාරය පරිත්‍යාගකළ තිරයක මොරොක්කෝවේ අවසන් පූර්ව ප්‍රවේශය දැක ගන්නට රොක් වී සිටි මහා ජනඟංඟාවෝ මොරොක්කෝවට හදවතින්ම ආශිර්වාද කළහ.මොරොක්කෝ සම්භවයක් ඇති ඊශ්‍රායල ජාතික රූඩි රොච්මන් මොරොක්කෝවේ ජයග්‍රහණයෙන් උදම් වුව ද ඔහු පලස්තීන දජය ප්‍රදර්ශනය ගැන පැහැදීමක් නැත.ඔහුට අනුව එය හිතාමතා ඊශ්‍රායලයට පහර එල්ල කිරීමකි.
ලෙබනනය තුළ තිබෙන පාපන්දු උනන්දුවේ වැඩි ආදරය දිනා ගත්තෝ බ්‍රසීලියානුවෝ සහ ජර්මානුවෝ ය.නමුත් ඒ දෙපිරිසම මේ වන කුසලානය දිනා ගැනිමේ සටනෙන් ඉවත් වූ පසු බහුතරය සිටින්නේ මොරොක්කෝව සමඟය.දේශසීමා අභිබවා මොරොක්කෝවේ ජයග්‍රහණය පැතිර යමින් තිබෙන අයුරු හරි අපූරුය.එය දේශපාලනික වන්නා සේ ම නොවන්නේය.අපූරුව එයය.‍
මේ ආගමික ස්වරූපයකට පත්වන ජයග්‍රහණය නිසා යළිත් පාලකයන්ගේ කූඩුවටම ආසාවෙන් රිංගීමක් ද සිඳුවෙන අතර ඒ අදේශපාලනික චර්යාවන් සමාජ ප්‍රීතියට සහ සාමයට නොව කළහකාරිත්වයට ද අත වනන අවස්ථාද වාර්තා වී ඇත. “දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි” යැයි කියමින් බෙයිරූට්හි පලස්තීන ධජ ඔසවාගෙන සංචාරය කළ පිරිසක් නිසා ගුටිබැට හුවමාරුවක් ඇති විය. මිනිස් ශක්තිය දෙවියන්ගේ ගුප්තභාවයන්ට දන්දෙමින් එවැනි හැසිරීම් සහිතව ගමන් ගත් රථ පෙළ නිකායවාදී ප්‍රකෝපකාරී ක්‍රියාවක් ලෙස දුටු ප්‍රදේශයේ මිනිසුන් පිරිසක් ඔවුන්ට පහර දුන්හ.
ඒ සතුටු වෙන්නට ඇති ක්‍රීඩාවේ ජයග්‍රහණ මරණ වෙන්නට හැකි පාරට තල්ලු කරන මුග්ධ උද්ධච්ඡකම්වල ස්වභාවය ය.මොරොක්කෝ ක්‍රීඩකයින් රටට උපයා දෙන ආදරයේ ධනය මුග්ධ විහ්වාසයන් හරහා ගිණිතබා විනාශ කිරීමක්ය.
මොරොක්කෝ ජයග්‍රහණයෙන් පසු බටහිර ගාසාවේ ඉවුර පුරා ප්‍රීති ඝෝෂාකාරී දර්ශන ද සිදු විය. නැඟෙනහිර ජෙරුසලමේ, මිනිසුන් දෙදෙනෙක් රතු මොරොක්කෝ ධජයක් අතැතිව පැරණි නගරයේ ඩැමස්කස් ගේට්ටුව මත සිටගෙන සිටි අතර, පහළින් සිටි සිය ගණනක් “දෙවියන් වහන්සේ, මොරොක්කෝව, ජෙරුසලම අරාබි ය” යනුවෙන් ප්‍රීති ඝෝෂා නගමින් කෑගැසූහ.

රාජ්‍යයේ දේශපාලනයේ උවමනාවන් ඉක්මවා ජනතාවගේ හැඟීම ප්‍රකාශවීමක් හැටියට ඇල්ජිරියාවේ රාජ්‍යයේ හැසිරිම සහ ජනතාවගේ හැසිරීම් වෙනස් වීමෙන් පැහැදිළි වන්නේය.ඇල්ජිරියානු රජයේ රූපවාහිනිය එදා ලෝක කුසලාන තරගාවලිය සමබන්ධ ප්‍රවෘත්තිය වාර්තා නොකරන්නට පරිස්ස්ම විය.දේශපාලනික වශයෙන් දේශ සීමා අර්බූදයක දෙරට පැටී සිටින්නේ 1975 පමණ දුර සිටය.එහිදි එම භූමි අයිතිය සම්බන්ධයෙන් ඇමෙරිකාව මොරොක්කෝව පැත්තේ සිට ගැනීම අර්බූදයේ ජාත්‍යන්තර වශයෙන් ව්‍යාකූල සහ රටවල් දෙකකට එහා ගිය බේදයක් දක්වා වර්ධනය වි ඇත. නමුත් ඇල්ජිරියාවේ මොරොක්කෝව සම්බන්ධ පාළක විරෝධය කුමක් වව ද මොරොක්කෝවේ සහ ඇල්ජීරියාවේ නොසන්සුන් දේශසීමාවේ, දෙපසින් පෙළ ගැසී පාපන්දු ලෝලිහු එකිනෙකාට ඔල්වරසන් දුන් හ.

ප්‍රංශය හමුවන්නට පෙරම ප්‍රංශයේ වෙසෙන ඇතැම් මොරොක්කෝ වැසියන් පෘතුගාලය පරාජය කළ විට ප්‍රංශයේ නයිස් හි දී, ඩයස්පෝරා ඇල්ජීරියානුවන් සහ ටියුනිසියානුවන් සමඟ ගිණිකෙළි සැමරුම් පවත්වා ඇත.එය දේශපාලනිකව එක්තරා ආකාරයක නරක පූර්වාර්ශයක් වීමට ප්‍රංශය අතර තරගයෙන් පසුව ඉඩ ඇත. මන්ද එවැනි සිදුවීම් බෙල්ජියමේ ද සිඳු වි ඇත.ඒ බෙලිජියම පරාජයට පත් කිරීමෙන් පසුය.
කෙසේ හෝ මොරොක්කෝවේ ආගමික සංවේදීතාවය පෙරට පැමිණ ඇත.ලෝකයේ මුස්ලිම් සංස්කෘතිය අනුව පාලනය වන රටවල වැඩි අවධානය මොරොක්කෝවට මෙන්ම පලස්තීන අරබූදයේ පලස්තීන පලස්තීන ජයගහණයක් දක්වා අන්තවාදී වෙමින් සහ දේශපාලනික වෙමින් තිබීම යහපත් දෙයක් නොවේය.එය මහද්වීපයක් හැටියට අප්‍රිකාව විඳ ගැනීමට වඩා මිනිසුන්ට සංවේදී විය යුතු වුවත් අනෙකාට වෛරීවීම පදනම කරගත් නූතණ ආගමික පරිච්ඡේදයේ වැරදි සටහනක් වීමට මොරොක්කෝවේ පාපන්දු ජයග්‍රහණ පත් නොකරන්නේනම් වැදගත්ය.

ගාසාවේ ආසාව තවකෙකුගේ බොටුව බිඳින ලේ වගුරන අන්තවාදි ආගමික දේශපාලනයේ ඛේදවාචකයක් නොවන්නේනම් මොරොක්කෝ පාපන්දුවට ලෝක කුසලාන පාපන්දුවේ ඉතිහාසය වෙනස් කරන්නට ඇති හැකියාවට ලෝකයම දන නැමිය යුතු වන්නෙමු.ඒත් ඒ ඔවුන්ගේ ආගමට නොව මනුස්ස හැකියාවන්ගේ අපූර්වත්වයටය.එතැනින් නවතින මොරොක්කෝවේ ගාසාවේ කැමත්ත ලෝකයට ජයග්‍රහණයට වඩා පුළුල් අදහසක් එකතු කරනු ඇත.



RM



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි