×

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හවුති කැරලිකරුවන් සිදු කළ ප්‍රහාරයක් හේතුවෙන් බොරතෙල් නැවකට හානි සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය සමුද්‍ර ආරක්ෂක ඒජන්සිය වාර්තා කරන්නේ, යේමනයේ වෙරළට ඔබ්බෙන් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවයි සඳහන් වන අතර පැනමා ධජය සහිත නෞකාවට දෙවරක් ප්‍රහාර එල්ල කර ඇති බවයි. .

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි