×

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර කෙසේ වෙතත් ඉන් සිදු වු හානි මෙතෙක් වාර්තා වී නොමැති බවයි.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් , තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුවබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර කෙසේ වෙතත් ඉන් සිදු වු හානි මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ මස මුලදී ද තායිවානයේ ඇති වූ භූකම්පනයකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු අතර එහිදී පසු කම්පන 1,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි