×

හෙළිකොප්ටර් අනතුරකින් කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා ජීවිතක්ෂයට!

මෙම අවස්ථාව කෙන්යාවට ඉතා ශෝකජනක අවස්ථාවක් බව ජනාධිපති විලියම් රූටෝ පවසයි.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 19 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හෙළිකොප්ටර් අනතුරකින් කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා ජීවිතක්ෂය ට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ජෙනරාල් ෆ්‍රැන්සිස් ඔමොන්ඩි ඔගොල්ලා ඇතුළු 11 දෙනෙක් ගමන්කරමින් සිටි හෙළිකොප්ටරය කෙන්යාවේ බටහිර ප්‍රදේශයකදී අනතුරට ලක්වී ඇති බවයි.  

ජෙනරාල් ෆ්‍රැන්සිස්, කෙන්යාවේ උසස්ම හමුදා නිලධාරියා වන අතර, එම අනතුරෙන් දිවි ගලවා ගැනීමට වාසනාව ලැබී ඇත්තේ දෙදෙනෙක් ට පමණක් බව වාර්තා වේ.

මෙම අවස්ථාව කෙන්යාවට ඉතා ශෝකජනක අවස්ථාවක් බව ජනාධිපති විලියම් රූටෝ පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි