×

කැපිටල් කෝලහාලය වෙනුවෙන් ට්‍රම්ප්ගේ සාක්ෂි කැඳවයි.

එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු විසින් මැතිවරණයක් පෙරළා දැමීමට එරෙහිව ක්‍රියාත්මක වීම නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී වන බැවින් ඊට අදාළව සාක්ෂි ලබා දීම කළ යුතු බවට මෙම කමිටුව විසින් හිටපු ජනාධිපති ට්‍රම්ප්ට නියෝග කර ඇත.


2021 ජනවාරි 6 වන දින ට්‍රම්ප් ආධාරකරුවන් එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලට ප්‍රචණ්ඩකාරී ලෙස කඩා වැදීම පිළිබඳව විමර්ශනය කරන කොංග්‍රස් මණ්ඩලය විසින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නීති සම්පාදකයින්ට සාක්ෂි දෙන ලෙස නියෝග කරමින් නීතිමය සිතාසියක් නිකුත් කර ඇති බව වාර්තා වේ.


එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු විසින් මැතිවරණයක් පෙරළා දැමීමට එරෙහිව ක්‍රියාත්මක වීම නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී වන බැවින් ඊට අදාළව සාක්ෂි ලබා දීම කළ යුතු බවට මෙම කමිටුව විසින් හිටපු ජනාධිපති ට්‍රම්ප්ට නියෝග කර ඇත. ජනවාරි 6 කමිටුවට ලේඛන සැපයීමට නොවැම්බර් 4 දක්වා ඔහුට ඇති අතර, නොවැම්බර් 14 හෝ ඊට ආසන්න දිනකදී සාක්ෂිය සඳහා පෙනී සිටිය යුතුය.

හිටපු ජනාධිපතිවරයා මේ පරීක්ෂණය සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ ලබන මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණයේ දී ඡන්දදායකයින් අවධානය වෙනතකට යොමු කිරීමට සැලසුම් කරන ලද උපක්‍රමයක් බවියි.

කෙසේ නමුත් මෙම සාක්ෂි ලබා දම ට්‍රම්ප් විසින් පැහැර හරින්නේ නම් ඔහුට විරුද්ධව අපරාධ චෝදනා ගොනු කරනු ඇත.

ඊයේ දිනයේදී කොන්ග්‍රසයට අපහාස කිරීම හා කමිටුවේ සාක්ෂි හෝ ලේඛන ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ට්‍රම්ප්ගේ සගයෙකු වන ස්ටීව් බැනොන්ට ඩොලර් 6,500 (පවුම් 5,800) දඩයක් සහ මාස හතරක සිර දඬුවමක් නියම වී පැය කිහිපයකට පසුව මෙම නියෝගය නිකුත් කරන ලදී. මීට අමතරව ට්‍රම්ප්ගේ සහායකයෙකු වන පීටර් නවාරෝ, සමාන උපසිරසියකට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ලබන මාසයේදී කොන්ග්‍රසයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.

ට්‍රම්ප් මහතාගේ නීති කණ්ඩායම මේ සම්බන්ධයෙන් නිවේදනය කර තිබුණේ නැවත වරක් සම්මතයන් සහ උචිත සහ චාරිත්‍රානුකූල ක්‍රියාවලිය උල්ලංඝණය කරමින්, කමිටුව පිටපතක් ප්‍රසිද්ධියේ නිකුත් කිරීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ගයන් කඩිනමින් ගැනීමට ඔවුන් කටයුතු කරන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි