×

ඇමරිකානු-ඉරාන හමුව පිළිබඳ හිටපු අගමැති ඉහුද් බැරක් ගෙන් රතු එළියක්!

ට්‍රම්ප් නෙතන්යාහු අත්ලේ තබා නැටවීමට මාන බලන බවද, මේ බව පසුගිය දින කොන්ග්‍රස සාමාජිකා ඉල්හාන් ඔමාර් හා රෂිඩා ටලිබ් පිළිබඳ කටයුතු වලදී මනාව පැහැදිලි වී ඇති බවද ඊශ්‍රායල හිටපු අගමැති ඉහුද් බැරක් ප්‍රකාශ කළේය.


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඉරාන ජනපති හසන් රොවුහානි අතර පැවති හමුවීම පිළිබඳ ඊශ්‍රායල හිටපු අගමැති ඉහුද් බැරක් විසින් අනතුරු අඟවා තිබේ.

මෙම හමුවීම තුළින් නෙතන්යාහු ඇමරිකාව මත අනවශ්‍ය අන්දමින් යැපීම මනාව පෙන්නුම් කරන බවත් ට්‍රම්ප් ගේ තියුණු දේශපාලන න්‍යාය පත්‍ර පිළිබඳව මනාව අනතුරු අඟවන බවත් බැරක් ගේ මතයයි.

ඇමරිකා – උතුරු කොරියානු සබඳතා නිදසුනට ගනිමින් බැරක් ප්‍රකාශ කර සිටියේ, යුධ තර්ජන පැවති උතුරු කොරියාව වැළඳගැනීම් වලින් ආරම්භ වූ බවත්, සාකච්ඡා අවසන් වූ පසු නැවත වැළඳ ගත් බවත්, එහෙත් නැවත නැවතත් අර්බුද උඩුගම් දිවූ බවත් ය.

ඉරානයට සිදුවිය හැක්කේද මෙම ඉරණමම බව බැරක් පෙන්වා දෙයි.

“ට්‍රම්ප් පරිපාලනය තම මැද පෙරදිගින් ඉවත් වීමේ සැලැස්ම අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නේ නම්, ඊශ්‍රායලය වඩාත් සංකීර්ණ වූ අභියෝග වලට මුහුණ දෙනු ඇත. ප්‍රධාන වශයෙන්ම හිස්බුල්ලාවරුන්ගේ මිසයිල ව්‍යාපෘතිය හා සිරියාවේ ඉරාන සංස්ථාපිතය ද මින් අඩාල වනු ඇත,” හිටපු අගමැති ඉහුද් බැරක් අවධාරණය කර සිටියේය.

ට්‍රම්ප් නෙතන්යාහු අත්ලේ තබා නැටවීමට මාන බලන බවද, මේ බව පසුගිය දින කොන්ග්‍රස සාමාජිකා ඉල්හාන් ඔමාර් හා රෂිඩා ටලිබ් පිළිබඳ කටයුතු වලදී මනාව පැහැදිලි වී ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

යුදෙව් ප්‍රජාව හා ඩිමොක්‍රටික් පක්ෂ අතර විරසක ඇතිකරවීම ට්‍රම්ප් ගේ උවමනාව වී ඇති බවද, ඒ මත මේ අන්දමින් ඔහු හැසිරෙන බවද බැරක් අවධාරණය කළේය.

කෙසේවෙතත්, ටෙහෙරානයට පනවා ඇති සියලුම සම්බාධක ඉවත් කරන තුරු ඉරානය එක්සත් ජනපදය සමඟ කතා නොකරන බව ජනපති හසන් රොවුහානි අද (27) දින ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශය සිදු වූයේ ට්‍රම්ප් න්‍යෂ්ටික ගැටුමක් අවසන් කිරීමට උත්සාහ කිරීම සඳහා තම ඉරාන සහචරයා මුණගැසෙන බව පැවසීමෙන් දිනකට පසුව ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි