×

න්‍යෂ්ඨික අවි තාක්ෂණය ඉරානය සතු බවට ප්‍රංශය, ජර්මනිය හා බ්‍රිතාන්‍යයෙන් අනතුරු ඇඟවීමක්!

පරමාණුක බලශක්තින් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ, ෂහාබ් -3 න්‍යෂ්ටික යුධ නෞකාවකින් සන්නද්ධ කිරීම පිළිබඳ තොරතුරු ඉරානයෙන් හෙලිදරව් වී ඇති බවයි..


ප්‍රංශයේ, ජර්මනියේ සහ එක්සත් රාජධානියේ එක්සත් ජාතීන්ගේ තානාපතිවරු අනතුරු ඇඟවීමේ ලිපියක් නිකුත් කොට තිබේ. මෙම ලිපියෙන් දැක්වෙන්නේ න්‍යෂ්ඨික මිසයිල දියත් කිරීමට අවශ්‍ය තාක්ෂණය ඉරානය සතු බවයි.

එම ලිපිය තුළින් පසුගිය දින වල සමාජ මාධ්‍යජාල වල සංසරණය වූ ඉරානයේ ෂහාබ් -3 මධ්‍යම ප්‍රමාණයේ බැලස්ටික් මිසයිලයක පියාසැරි අත්හදා බැලීම පිළිබඳ විස්තර ද ඇතුලත් කර තිබෙන බවට ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කරයි.

මෙම තානාපතිවරු එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා ගෙන් ඉල්ලා සිටියේ 2015 වර්ෂයේ ඉරානය පිවිසි න්‍යෂ්ටික ගිවිසුම අනුමත කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනා මාලාවට මෙකී බැලිස්ටික් මිසයිල ක්‍රියාකාරීත්වය නොගැළපෙන බවත්, ඒ බව වහා ආරක්ෂක මණ්ඩලයට දැනුම් දිය යුතු බවත් ය.

ෂහාබ් -3 මිසයිල කට්ටලය සතුව නැවත නැවත මිසයිල මාරු කළ හැකි රථයක් සම්බන්ධ අතර, මිසයිල මුදා හැරීම සඳහා ඔවුන් භාවිතා කර ඇත්තේ මිසයිල තාක්‍ෂණ පාලන රෙජිමේන්තු කාණ්ඩ -1 මාදිලියේ බූස්ටර පද්ධතියක් බවත්, එමඟින් න්‍යෂ්ඨික අවි දියත් කිරීමට පවා සමත් බවත් ඔවුහු පෙන්වා දුන්හ. පරමාණුක බලශක්තින් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය විසින් 2015 වර්ෂයේ නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ, ෂහාබ් -3 න්‍යෂ්ටික යුධ නෞකාවකින් සන්නද්ධ කිරීම පිළිබඳ සවිස්තරාත්මක සාක්ෂි 2002 – 2003 කාලය තුළ ඉරානයෙන් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මිසයිල විධිවිධාන වලට ප්‍රකාරව ඉරානයෙන් ඉල්ලා සිටින්නේ න්‍යෂ්ටික අවි ක්‍රියාකරවීමට හැකියාව ඇති පරිදි නිර්මාණය කර ඇති බැලිස්ටික් මිසයිල සම්බන්ධ කිසිදු කටයුත්තක් සිදු නොකරන ලෙසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි