×

ප්‍රංශය පිරිමි කුකුළු පැටවුන් මරා දැමීම තහනම් කරයි!

2021 අවසන් වන විට පිරිමි කුකුළු පැටවුන් මරා දැමීමේ මතභේදාත්මක පුරුද්ද ප්‍රංශය විසින් තහනම් කරන බව කෘෂිකර්ම අමාත්‍ය ඩිඩියර් ගුයිලූම් අඟහරුවාදා පැරීසියේදී නිවේදනය කළේය.


2021 අවසන් වන විට පිරිමි කුකුළු පැටවුන් මරා දැමීමේ මතභේදාත්මක පුරුද්ද ප්‍රංශය විසින් තහනම් කරන බව කෘෂිකර්ම අමාත්‍ය ඩිඩියර් ගුයිලූම් අඟහරුවාදා පැරීසියේදී නිවේදනය කළේය.

බිත්තර හා කුකුළු මස් නිෂ්පාදකයින් විසින් අතිරික්තයක් ලෙස සලකනු ලබන හෙයින් කාර්මික ගොවීන් විසින් ලොව පුරා පිරිමි කුකුලු පැටවුන් බිලියන ගණනක් මරා දමනු ලැබේ.

බිත්තර නිෂ්පාදකයින් කුකුළන් භාවිතා කරන්නේ ගැබ් ගැන්වීම සඳහා පමණක් වන අතර කුකුළු මස් නිෂ්පාදකයින් වේගයෙන් වැඩෙන බැවින් මස් සඳහා කිකිළියන්ට කැමැත්තක් දක්වයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් පිරිමි පැටවුන් සාමාන්‍යයෙන් මරා දමනු ලබයි.

තහනම නිවේදනය කරමින් ගුයිලූම් පැවසුවේ 2021 අවසන් වීමෙන් පසු කුකුළු ගොවිතැනේ “පෙර මෙන් කිසිවක් සිදු නොවනු ඇත” යනුවෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි