×

ප්‍රංශයේ පාසල්වල අබාය ඇඳීම තහනම් කෙරේ.

ප්‍රංශයේ රජයේ පාසල්වල සහ රජයේ ගොඩනැගිලිවල ආගමික සලකුණු දැඩි ලෙස තහනම් කර ඇත.


මුස්ලිම් ආගමික කාන්තාවන් විසින් අඳිණු ලබන සම්පූර්ණ දිග සිවුරක් වන ලිහිල් ගවුම හෙවත් අබාය ඇඳීම ප්‍රංශයේ පාසල්වල තහනම් කර ඇති බව එරට අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් 4 වැනි දින නව පාසල් වර්ෂය ආරම්භ වීමත් සමග නීතිය ක්‍රියාත්මක වනු ඇත. ප්‍රංශය විසින් මෙවැනිම තීරණ මිට පෙර අවස්ථාවන් ගණනාවකදී ම ගෙන ඇති අතර, ඔවුන් 2004 වසරේ සිට රජයේ පාසල්වල හිස් ආවරණයක් පැළඳීම තහනම් කර න ලදී. එමෙන්ම 2010 වසරේදී දී, සම්පූර්ණ මුහුණු ආවරණ පැළඳීම තහනම් කරන ලද අතර එය ප්‍රංශයේ මිලියන පහක පමණ මුස්ලිම් ප්‍රහවකගේ කෝපයට හේතු විය.

ප්‍රංශයේ රජයේ පාසල්වල සහ රජයේ ගොඩනැගිලිවල ආගමික සලකුණු දැඩි ලෙස තහනම් කර ඇති අතර, ඒවා ලෞකික නීති උල්ලංඝනය කරන බවට විශ්වාස කෙරේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි