×

රුසියාව පියවි සිහියට ගෙන ඒමේ වගකීම මැක්‍රොන් ෂී ජිනිපින්ට පවරයි.

රුසියාවේ යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් බීජිං නිල වශයෙන් මධ්‍යස්ථ වුවද, ෂී කිසිවිටෙක රුසියානු ආක්‍රමණය හෙළා දැක නැත.


චීනයේ තෙදින රාජ්‍ය සංචාරයක යෙදී සිටින ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් හා යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම වෙනුවෙන් සහාය දීමෙන් චීනය වළක්වාලීමට උත්සාහ කරන බවයි. එමෙන්ම රුසියාව පියවි සිහියට ගෙනවිත් යුද්ධය නිමා කරවීම වෙනුවෙන් සාකච්ඡා මේසයකට ඔවුන් කැඳවීමේ වගකීම චීන ජනාධිපතිවරයාට පවරන බවයි.

සාකච්ඡා වලින් අනතුරූව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් රාජ්‍ය නායකයන් දෙදෙනා කියා සිටියේ රුසියාව හා යුක්රේනය අතර සාම සාකච්ඡා හැකි ඉක්මනින් අරඹන බවත්, ඔවුන් දෙදෙනාම න්‍යෂ්ටික අවි භාවිතයට විරුද්ධ බවත්ය.

කෙසේ නමුත් රුසියාවේ යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් බීජිං නිල වශයෙන් මධ්‍යස්ථ වුවද, ෂී කිසිවිටෙක රුසියානු ආක්‍රමණය හෙළා දැක නැත.

බටහිර විරෝධී පෙරමුණක් ලෙස සකස් කර ඇති ව්ලැඩිමීර් පුටින් සමඟ ඔහුගේ සන්ධානය යළි තහවුරු කිරීමට ඔහු මෑතකදී මොස්කව් බලා ගිය අතර, එමඟින් දෙරට අතර අන්‍යෝනය දේශපාලනික හා ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගනු ලැබීය.

සශිකලා මධුෂාණී_

වැඩිදුර විස්තර සඳහා : බයිඩන්ගේ සාමයේ පරෙවියා රැගෙන එම්මානුවෙල් මැක්‍රොන් චීනයට



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි