×

Gabriel Jesus test positive for coronavirus – ජීසස් කොවිඩ් පොසිටිව් වෙයි!

ගේබ්‍රියෙල් ජීසස් නමැති සුපිරි පාපන්දු ක්‍රීඩකයා කෝවිඩ් පොසිටිව් වූ බව නත්තල් දිනයේදී වාර්තා වේ.


ඔහු මෙන්ම ඔහුගේ සහචර ක්‍රීඩක කයිල් වෝල්කර් ද කෝවිඩ් පොසිටිව් තත්වයට පත්ව ඇත.

මේ බව ඔවුන්ගේ මැන්චෙස්ටර් පාපන්දු සමාජය විසින් සනාථ කර තිබේ.

එක්සත් රාජධානි ප්‍රිමියර් ලීග් ප්‍රකාශයකට අනුව වෘත්තිමය පාපන්දු ක්‍රීඩකයන් සිව් දෙනෙක් මේ වන විට පසුවන්නේ නිරෝධායනය වෙමිනි.

මේ අනුව එංගලන්තය සහ බ්‍රසීලය අතර පවත්වන්නට නියමිතව තිබූ අන්තර්ජාතික පාපන්දු තරග ද නැවත සලකා බැලීමට සිදුවනවා ඇත.

මේ වන විට ජාත්‍යන්තර පාපන්දු පිටිය කෝවිඩ් වසංගතයෙන් සලිත වී ගොස් තිබේ.

23 හැවිරිදි ජීසස් සහ 30 හැවිරිදි වෝකර්, කෝවිඩ් පොසිටිව් සංචිතයට මෙසේ එක්වන්නේ ලිවර්පූල් පාපන්දු තරු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩිනෝ සහ මෝ සාලාට පසුව ය.

කයිල් වෝකර්, පසුගිය අප්‍රේල් මාසයේදී කෝවිඩ් ලොක්ඩවුන් නීති බිඳ දැමීම හේතුවෙන් සමාව ද ඉල්ලා තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි