×

සමරිසි පියෙකුගේ පිය සෙනෙහසට සිංගප්පූරුවෙන් තහනමක් ‍

ඔවුන් දාරක සෙනෙහස නොහඳුනත්ද?


සමරිසි විවාහයන් හා ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් මේ වන විට ලෝකයේ බොහෝරටවල් විසින් සිය සහයෝගය දක්වමින් සිටින අතර තවත් බොහෝ රටවල් සමරිසි අයිත‍ීන් එකහෙලා ප්‍රතික්ෂේප කරමින් සිටී . සමලිංගික අයිතින් ට තවමත් කිසිදු ඉඩක් නොමැති සිංගප්පූරුවේ සමරිසි වෛද්‍ය වරයෙකු විසින් ඇමරිකා දී උපත ලද සිය දරුවා සිය රටට ගෙන එන්නට කළ ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප වී ඇත.

ඔහු විසින් තමන්ට දරුවකුගේ අවශ්‍යතාව පැවතීම මත ඇමරිකානු කාන්තාවකගේ සහයෝගයෙන් ඇයගේ ගර්භාෂය තුළ රෝපණය කරන ලද කළලයක් මගින් උපත දුන් තමන්ගේම දරුවා සිය රටට ගෙන ඒමට සිංගප්පූරු අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කර ඇත. ඉතා සීග්‍රයෙන් නූතනත්වය වැළද ගනිමින් සිටියද සිංගප්පූරුව විවධ ගතානුගතික සම්ප්‍රදායන් අදටත් ක්‍රියාවට නංවමින් සිටී. සමලිංගික සබඳතා සදහා සිංගප්පූරුව තුළ උපරිම දඬුවම් ලැබෙන අතර ඒ සදහා අවම වශයෙන් වසර දෙකක් දඩුවම් විදිමට සමලිංගික සම්බන්ධතා ඇති පුද්ගලයන් පහට සිදුවේ. මේ අතරතුර රටේ ජනතාවගේ සාඵල්‍යතාව වර්ධනය සඳහා සංගප්පූරුව විවිධ ක්‍රියා මාර්ග ගනිමින් සිටින අතර සමලිංගික විවාහයන් හ සම්බන්ධතා සඳහා ඇති ඉඩකඩ අවම කිරීමේ කාර්යයෙහි නියැළි සිටී.

තමන් සමරිසි අයෙකු වුවද තමන්ගේම ලෙයින් දරුවකු හදා වඩා ගැනීමේ අරමුණින් ඇමරිකානු කාන්තාවකගේ ගර්භාෂයක් තුළ කළල ආරෝපණය සදහා මෙම පුද්ලයා ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක මුදලක් එම කාන්තාවට ගෙවා ඇත.

 තමන් සමරිසි අයෙකු වුවද තමන්ගේම ලෙයින් දරුවකු හදා වඩා ගැනීමේ අරමුණින් ඇමරිකානු කාන්තාවකගේ ගර්භාෂයක් තුළ කළල ආරෝපණය සදහා මෙම පුද්ලයා ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක මුදලක් එම කාන්තාවට ගෙවා ඇත .

ඒ අනුව උපත ලැබූ තම දරුවා තම මවුබිමට ගෙන යෑම සදහා සිංගප්පූරු අධිකරණයෙන් සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබීම නිසා ඔහුට ගැටළු රැසකට මුහුණ දීමට සිදුව තිබේ. මේ පිළිබදව සිංගප්පූරු අධිකරණය පවසා සිට ඇත්තේ ඇමරිකාව තුළ මෙම වැනි දරු උපතක් සදහා නීතිමය ඉඩ කඩ තිබුණද සිංගප්පූරුව තුළ එම ඉඩ කඩ නොමැති බවයි. සිය කැමැත්ත පරිදි දරුවකු හදා වඩා ගැනීමට ගත් මෙම වෑයමේ දී එක් රටක නීතිය තුළින් ඔහු වෙත අරින ලද දොරටුව තවත් රටක නීතිය මගින් දොරගුලු ලා අවහිර කරනු ලැබුවේ එසේ ය. මෙ පිළිබදව ඔහුගේ පාර්ශවයේ නීතිඥවරුන් පවසා සිටින්නේ තම දරුවා හට නීතිමය අයිතිය ඔහු වෙත පැවතීම මගින් දරුවාගේ අනාගතය තුළ සියලු කටයුතු සාර්ථක ලෙස සිදු කර ගැනීමට අවස්ථාව උදා වන බවයි. එමෙන්ම මේ පිළිබඳව සිය ප්‍රකාශනයක් නිකුත් කරමින් සිංගප්පූරු අගමැති ලී සීන්ග් යූන්ග් (Lee Hsieng Loong) පවසන්නේ තවමත් රට තුළ පවතිනුයේ සමලිංගික විරෝධී පසුබිමක් හේතුවෙන් ඒ සදහා නීතිමය ඉඩ කඩ නිර්මාණය කිරීම අපහසු වන බවයි. මේ අතර සිගප්පූරුවේ සමලිංගික අයිතිවාසිකම් සදහා සටන් කරනු ලබන සංවිධාන මේ පිළිබඳව ප්‍රකාශ කරමින් සිටින්නේ සංගප්පූරුවේ ගතානු ගතික මතවාදයන් විසින් ආසරණීය පියෙකු හට තමන්ගේම දරුවා හදා වඩා ගැනීමේ අයිතිවාසිකම අහිමි කර ඇති බවයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි