×

ඇමරිකාවේ ‘පැරෂුට් ජනපති‘ ජෝර්ජ් එච්.ඩබ්.බුෂ් දිවියෙන් සමු ගනියි.

වයස අවුරුදු 94 දී ඇමරිකාවේ ජෝර්ජ් බුෂ් හිටපු ජනපතිගේ හිටපු ජනපති තාත්තා මෙලොවින් සමුගත්තේය.


ඔහු ඇමරිකාවේ‘පැරෂුට් ජනපති‘ ලෙස හඳුන්වා දිය හැකිය.නමුත් ඔහු පැරෂුට් කාරයෙකු මෙන් ඕපපාතිකව නායකත්වයට පත්වූ අයෙක් නොවේ. ජීවිතයේ අවසන් අවුරුදු 20 දී අවුරුදු 5 න් 5ට පැරෂුටයකින් පනිමින් උපන් දිනය සැමරූ නිසා ය. වයස අවුරුදු 94 දී මිය නොගියා නම්, 95 වැනි උපන් දිනය ද ඔහු සමරනු ඇත්තේ උඩු ගුවනේ සිට පැරෂුටයකින් බිමට පනිමිනි

ඔහු, ඉරාක යුද්ධයට අණ දුන් ඇමරිකානු ජනපති ලෙස ඉතිහාසයට එක් වූ 43 වැනි ඇමරිකානු ජනපති ජෝර්ජ් ඩබ්. බුෂ්ගේ පියා ය.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් කියා සිටියේ, ජ්‍යේෂ්ඨ බුෂ් ‘‘විශ්වාසනීය බව, වාග් හාස්‍යය සහ පවුල හා රට වෙනුවෙන් නොසැළෙන විශ්වාසයෙන් යුතු අයෙකු‘ බව ය.

රුධිර රෝගයක් හේතුවෙන් ගතවූ කාලයේ රෝගාතුරව සිටියද, ඔහු ප්‍රසිද්ධ හමුවීම් ආදියට නොකඩවා සහභාගි විය.

ජෝර්ජ් එච්.ඩබ්. බුෂ්ගේ ධුර කාලය ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය සුවිශේෂී අන්දමින් වෙනස්කම්වලට බඳුන් වූ සමයකි. නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට්වාදය බිඳ වැටෙමින් තිබිණි. ඉරාක නායක සදාම් හුසේන් අසල්වැසි කුවේටය (1990) ආක්‍රමණය කළේය. අනතුරුව ඇති වූ කුවේට් යුද්ධයට ඇමරිකාව අත පෙවිය යුතුම විය. සදාම් ව කුවේටයෙන් පිටමං කර දැමීම සඳහා අන්තර්ජාතික යුධමය සන්ධානයක් පිළියෙළ කළ යුතු වූයේ ජෝර්ජ් එච්.ඩබ්. බුෂ්ගේ නායකත්වයෙනි.

ජ්‍යෙෂ්ඨ බුෂ් යනුවෙන් ඔහුව හැඳින්වීමට හේතුව වන්නේ ඔහුගේ පුතුන් පස් දෙනා අතරින් ජනාධිපති පුත්‍රයා බවට පත්වූ පුතාගේ නම ද ජෝර්ජ් බුෂ් ම වූ නිසා ය. කෙසේ නමුත් තාත්තාගේ නම ජෝර්ජ් එච්.ඩබ්. බුෂ් වූ අතර, පුතාගේ නම ජෝර්ජ් ඩබ්. බුෂ් විය. එච්.ඩබ්. ගේ සමයේ ලෝකයේ හතුරා බවට පත්වූ සදාම් හුසේන්, කෙසේ හෝ අවසන් කර දමන්නේ ඩබ්. පුතා වූ කණිෂ්ඨ ජෝර්ජ් බුෂ් විසිනි. එදා සදාම් හුසේන් සම්බන්ධයෙන් පියාගේ මැදිහත්වීම, ආන්දෝලනාත්මක වූයේ යම් සේද, ඊට වඩා පුතාගේ මැදිහත්වීම දෙගුණයක් ආන්දෝලනාත්මක විය.

ජ්‍යේෂ්ඨ බුෂ්, ඇමරිකාවේ 41 වැනි ජනපති බවට පත්වූයේ දෙවතාවක් රොනල්ඩ් රේගන් යටතේ උප ජනාධිපති ලෙස කටයුතු කිරීමෙන් පසුව ය. දුර්වල ආර්ථිකය හේතුවෙන් ජනප්‍රියතාවය අඩු නොවිණි නම්, 1992 ජනාධිපතිවරණයෙන් බිල් ක්ලින්ටන් හට ඔහුව පරදවන්නට හැකි වන්නේ නැත. නමුත් බිල් ක්ලින්ටන්, මොනිකා ලෙවින්ස්කි අපචාර සිද්ධියෙන් ජනප්‍රියත්වය සිඳ ගනිද්දී කණිෂ්ඨ ජොර්ජ් බුෂ්, ඇමරිකාවේ නායකයා බවට පත් වී සදාම් හුසේන් නමැති ගැටළුව අවසන් කළේය.

එය කළ ආකාරය සහ එහි යුක්තියුක්ත බව පිළිබඳ අදටත් දැවැන්ත ගැටළු රාශියක් ඉතිරිව තිබේ.

ජ්‍යේෂ්ඨ ජෝර්ජ් බුෂ්, සෝවියට් නායක මිහායිල් ගොර්බවොච් සමග එක් වී සෝවියට් දේශයේ අවසානය සනිටුහන් කළ බව ද ඉතිහාසයට එක් වූ සත්‍යයකි. සෝවියට් දේශයේ එක් එක් සාමාජිකයන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට නම් ඔවුන් වෙනම රාජ්‍යයන් ලෙස බෙදී වෙන් වී යා යුතු බව ඇමරිකානු නායකයා විශ්වාස කළේය. මෙම උපක්‍රමශීලී බිඳ වැටීම තුළ අද වන විට පැරණි සෝවියට් දේශයට අයත් රාජ්‍යයන් ගණනාවක් ආර්ථික වශයෙන් අනාථයන් බවට පත්ව තිබේ. එපමණක් නොව ඇමරිකාව සහ සෝවියට් දේශය අතර දශක ගණනක් තිස්සේ ලෝකයේ න්‍යෂ්ටික බලවතා බවට පත්වීම සඳහා පැවති ශීතල යුද්ධයේ අවසානය ද සෝවියට් සංගමයේ බිඳ වැටීමත් සමග සනිටුහන් විය. එයින් පසු ඇමරිකාව, ලෝක බලවතා වශයෙන් සිය ස්ථාවරත්වය මනා සේ ඇති කර ගත්තේය. ජ්‍යේෂ්ඨ ජෝර්ජ් බුෂ් ඇමරිකාවේ ජනපති බවට පත්වූයේ සෝවියට් දේශයේ බිඳ වැටීම සටහන් වීමට සමාන්තරව ය.


මගෙ දෙතොල් කියවන්න!

ජ්‍යේෂ්ඨ ජෝර්ජ් බුෂ් නොහොත් ජෝර්ජ් එච්.ඩබ්. බුෂ් 1988 වසරේ ජනපති පදවියට පත් වන විට අපුරු මැතිවරණ ප්‍රචාරක පාඨයක් කරළියට ගෙනාවේය. එය වූයේ, – “Read my lips. No new taxes” ‘‘අලුත් බදු නොව- මගෙ දෙතොල් කියවන්න‘‘ යන්නයි. නමුත් නව බදු පැනවීම නිසාම ඇමරිකානුවන්ගේ ආර්ථිකය බිංදුවට බසිද්දී ඔහුගේ ජනප්‍රියත්වය ද පල්ලම් බැස්සේය.

ජ්‍යේෂ්ඨ බුෂ් 1964 වසරේ දේශපාලනයට පිවිසෙන්නේ ටෙක්සාස් හි ඛණිජ තෙල් ව්‍යාපාරිකයෙක් ලෙස ය. ඔහු අවුරුදු 40 දී මිලියනපතියෙකු බවට පත්ව සිටි අයෙකි. ඔහු දෙවන ලෝක යුධ සමයේදී ගුවන් යාත්‍රිකයෙකි. ජපන් හමුදාව විසින් 1944 වසරේදී බෝම්බ ප්‍රහාරයක් අතරතුර ඔහුගේ ගුවන් යානය බිම හෙළනු ලැබිණි. 1945 වසරේදී නාවික හමුදාවෙන් ගෞරවනීය මුදාහැරීමක් ලැබීමෙන් පසු ඔහු එවකට 18 හැවිරිදි ව සිටි බාබරා පියර්ස් සමග විවාපත් විය.

ඔහුගේ පාලන සමයේදී ඇමරිකාව කළ කී දෑ ගැන අපමණ විවේචන තිබේ. නමුත් පවුල සම්බන්ධයෙන් ඔහුට තෘප්තිමත් වීමට බොහෝ දේ තිබිණි. ජ්‍යේෂ්ඨ ජෝර්ජ් බුෂ් අද දිනයේ සමුගෙන යන විට එම ප්‍රීතිමත් විවාහ ජීවිතයට අවුරුදු 73 කි. ඒ වන විට ඔහු මුණුබුරු මිණිබිරියන් 17 දෙනෙකුගේ සීයා කෙනෙකි. මී මුණුබුරු මිණිබිරියන් 8 දෙනෙකුගේ මුත්තා කෙනෙකි.

පහත දැක්වෙන්නේ ජ්‍යේෂ්ඨ ජෝර්ජ් බුෂ්, ඉතිහාසයට එක් වී තිබෙන රසවත් ආකාර කිහිපයකි.

Photo: Kevork Djansezian/Getty Images

ජ්‍යේෂ්ඨ ජෝර්ජ් බුෂ්ට වෛවර්ණ මේස් කුට්ටම් තිබුණේය. එ්වා බොහෝ විට සපත්තු කුට්ටමට ගැළපුණේ ද නැත.

1943 වස‍රේදී ඔහු එවකට ඇමරිකානු නාවික හමුදාවේ සිටි ළාබාලතම ගුවන් නියමුවා බවට පත්විය.

Navy pilot George Bush sits in a VT-51 Avenger in 1944. (Photo: George Bush Presidential Library/MCT)

‍දෙවන ලෝක යුධ සමයේදී ඔහු සටන් මෙහෙයුම් 58කට සම්බන්ධ විය.

Photo: White House via CNP/ABACAUSA.COM)

‍යේල් සරසවි පාපන්දු කණ්ඩායමේ නායකයා බවට දෙවරක් පත්වූ ඔහු, විද්‍යාල පාපන්දු ලෝක ශූරතා තරගාවලි සඳහා ද ක්‍රීඩා කර තිබේ.

Photo: National Archives via pingnews

2013 ජූලි මාස‍යේදී ඔහු සිය හිස මුඩු කළේ, ලියුකේමියාවෙන් පෙළෙමින් සිටි සිය රහස් ඔත්තු සේවා නිලධාරී පුතුට උපහාරයක් ලෙසය.

Photo: Office of George Bush via YouTube

‍ජෝන් ඇඩම්ස්ගේ පියාට පසු, තමන්ගේ පුතෙකු ඇමරිකානු ජනපති බවට පත්වූ දෙවැනි ජනපතිවරයා ඔහු ය.

Photo: Official U.S. Navy Page

එදා ජ්‍යේෂ්ඨ ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරණයේදී පැරදුණේ බිල් ක්ලින්ටන් හට ය. නමුත් ලුසියානා ජනපදය කත්‍රිනා සුළි සුළඟට ගොදුරු වීමෙන් පසු ඔහු බිල් ක්ලින්ටන් සමග එක්ව බුෂ්-ක්ලින්ටන් පදනම නමින් වින්දිතයන්ට උපකාර කිරීම සඳහා අරමුදල් රැස් කළේය.

Photo: Spencer Platt/Getty Images

1999 වසරේදී සිය 75 වැනි උපන්දිනය සැමරීම සඳහා ඔහු තෝරාගෙන තිබුණේ ස්කයි ඩයිවිං  හෙවත් අහස් කිමිදුමයි. ඔහු එය කරනු දැකීමට අමුත්තන් 4000 ක් පමණ රැස් වී සිටි අතර, ඔවුන් අතරේ, හිටපු සෝවියට් ජනපති මිහායිල් ගොර්බවොච් ද විය. ඒ දිනවල වාර්තා වූයේ තමන් සමග පැරෂුට් පැනීමට එක් වන ලෙස බුෂ් ඔහුට ආරාධනා කළ නමුත් තමන් වයස්ගත වැඩි යැයි පවසමින් ගොර්බවොච් එය ප්‍රතික්ෂේප කළ බවයි.

Photo by US Army via CNP/ABACAUSA.COM)

පුදුම සහගත කාරණයක් වන්නේ ජෝර්ජ් බුෂ්, එයින් පස් අවුරුද්දකට පසු, එනම් වයස 80 දී ද මේ අන්දමින්ම නැවත පැරෂුට් පැන්නේය!

Photo: TODAYshow via Twitter

එයින් නොනැවතී සිය 85 වැනි උපන් දිනය සැමරීම සඳහා  ද ඔහු යොදාගෙන තිබුනේ එම ක්‍රමයම ය!

Photo: Otto’s Deluxe Grill

අවුරුදු 90  දී මේ හිටපු ඇමරිකානු ජනපතිවරයා සිව්වැනි වතාවටත් පැරෂුට් එකකින් බිමට පනිමින් සිය උපන්දිනය සැමරුවේය!

Photo: The Eagle via Twitter

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම පිනුමෙන් පසු ඔහුගේ මිනිපිරිය වන ජෙනා බුෂ්, ඔහුට සුබ පැතූ අන්දමයි. එනම්, මේ 4 වැනි ගුවන් පිනුම වන විට ජොර්ජ් බුෂ් සිය ජීවිතය ගත කරමින් සිටියේ රෝද පුටුවේය. Photo: ktro21 via Twitter

රොනල්ඩ් රේගන් ජනපතිවරයා ව සිටි සමයේ වෙඩි වැදී රෝහල් ගත කිරීම නිසා, උප ජනාධිපති ව සිටි ජේෂ්ඨ ජෝර්ජ් ඩබ්.බුෂ් පැය 8කට ඇමරිකාවේ ජනපති බවට පත්විය.

1984 ටයිම් සඟරාවේ කවරය, රොනල්ඩ් රේගන් සමග Photo: Cliff via Flickr/Republican Encore/Dirck Halstead



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි