×

දෙවන ලෝක යුද්ධයේදී යුදෙව් දරුවන් සිය ගණනක් බේරා ගත් වීරයා මිය යයි.

මේ නිර්භීත ක්‍රියාව නිසාම දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසුත් යුද්ධයක් නොමැති පසුබිමකද සිය ජීවිතය වසර ගණනාවක් ගෙවා දමන්නට ඔහු භාග්‍ය සම්පන්න විය.


දෙවන ලෝක යුද්ධය ගැනිය නොහැකි තරම් මිනිස් ජීවිත ලෝකයට අහිමි කරමින් සිටියදී. අනෙකා තමන් ඉදිරියේ මිය යමින් සිටියදී ඔහුව බේරා ගැනීමට අනෙකාට නොහැකි වෙද්දී ජෝර්ජස් ලොයින්ගර් යුදෙව් දරුවන් සිය ගණනක් බේරා ගත්තේ කිසිවෙකුටත් අදහා ගත නොහැකි විශ්වාශ කළ නොහැකි උපක්‍රමයක් භාවිත කරමින්.

ඒ අපූරු මිනිසා මිය ගිය බවට ප්‍රංශය මඟින් ප්‍රකාශයට පත් කරන ලදී. ඔහු මිය ගියේ ඔහුට වයස අවුරුදු 108ක් වී තිබියදීය.

ජර්මනියේ දේශ සීමාවට ආසන්න උතුරු ප්‍රංශයේ ස්ට්‍රාන්ස්බොර්ග් හි ඔහු උපන්නේ යුදෙව් ජාතික මවක්ට හා පියෙකුට දාවය. යුදෙව්වකු වීමේ අභාග්‍යසම්පන්න බව නිසාම 1940 වසරේදී නාසීන් විසින් අල්ලා සිර කළේ ඔහු ප්‍රංශ හමුදාවේ සේවය කරමින් සිටින අතර තුරයි. ඔහු ඉන් පලා ආයේ වාසනාවටය. ඔහුගේ පමණක් නොව සිය ගණනක් යුදෙවු දරුවන්ගේ වාසනාවටය. ‍ඔහුගේ ඇස් සහ කොන්ඩය සාමාන්‍ය යුදෙවුවෙකුට වඩා වෙනස් නිසාම එසේ යුධ කඳවුරෙන් පළ යෑමට ඔහුට හැකි විය.

එසේ පැමිණි ඔහු දෙමවු පියන් මිය ගිය යුදෙව් දරුවන්ට උපකාර කළ හැකි ක්‍රමයක් සොයා ගත්තේය . ඒ, දේශ සීමාවේ තිබූ පාපන්දු පිටියක ක්‍රිඩාකරන්නට සළස්වා ඔවුන් ස්වීස් දේශ සීමාව වෙත ගෙන්වා ගන්නට කටයුතු කිරීමය. ඔහු මීටර් දෙක හමාරක් පමණ උසැති වැටක් සහිත ක්‍රිඩා පිටියට උඩින් දේශ සීමාවට අනෙක් පැත්තට විසි වන්නට පාපන්දුව ට පහර දී යුදෙව් දරුවන්ට පන්දුව රැක ගැනීමට යන ආකාරයෙන් දේශ සීමාව පසු කරන්නට ඉඩ සළසා දුන්නේය.

එතෙකින් නොනැවතී තවත් ක්‍රමයකට ඔහු දරුවන්ගේ ජීවිත සතුරන්ට හසුවන්නට නොදී රැක ගත්තේය. ඒ දරුවන්ව ශෝකයට පත්ව වැළපෙන්නන් අන්දවා ප්‍රංශ සහ ස්වීස් දේශ සීමාවේ තිබූ සොහොන් භූමියක් වෙත කැඳවාගෙන ගොස් ඔවුන්ව දේශ සීමාවෙන් පිට කිරීමයි.

ඔහුගේ මෙම ක්‍රියා ඉතා අවදානම් මෙන්ම බිය ජනක වුවද ඔහු සිය ජීවිතය පරදුවට තබා දරුවන් සිය ගණනක් බේරා ගත්තේය. ඒ සඳහා ඔහුට ප්‍රංශයේ උසස්ම සම්මානයෙන් පිදුම් ලැබුවේය. ඒ 2005 වසරේදීය. මේ නිර්භීත ක්‍රියාව නිසාම දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසුත් යුද්ධයක් නොමැති පසුබිමකද සිය ජීවිතය වසර ගණනාවක් ගෙවා දමන්නට ඔහු භාග්‍ය සම්පන්න විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි