×

ගෝලීය ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය නිමවීමට තවත් වසර 200ක්… ලංකාව සිටින්නේ රටවල් 149න් 100 වන තැන.

සමීක්ෂණය විසින් අනාවරණය කර ඇති පරිදි සාමාන්‍ය වශයෙන් කාන්තාවක් ලබන්නේ පුරුෂයෙකුගේ වැටුපෙන් සියයට 63ක් පමණකි.


ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය පිළිබඳව ලෝක ආර්ථික සම්මේලනය විසින් සිදුකළ සමීක්ෂණයක වාර්ථාව නොබෝදා එළි දැක්වීය. ඒ අනුව මේ වන විට ලොව බහුතරයක් රටවල ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය ඉහළ මට්ටමක පවතින බව වාර්ථාව මගින් හෙළි කෙරේ.

කෙසේ වෙතත් ලෝක ආර්ථික සම්මේලනය පෙන්වා දෙන්නේ වැඩි වෙමින් පවතින ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය සහමුලින්ම ඉවත් කිරීමටනම් තවත් වසර 200කට වඩා ගත වන බවයි.

මෙම සමීක්ෂණය සඳහා ලෝකයේ රටවල් 149ක් යොදා ගෙන ඇති අතර ආර්ථික සම්මේලය පෙන්වා දෙන්නේ ඉන් රටවල් 88ක්ම ඉතා ඉහළ මට්ටමක පරතරයක් පෙන්වන බවයි.
රැකියා ස්ථානය තුළ එකම සේවය සඳහා පුරුෂයින්ට ලැබෙන වැටුපත් ස්ත්‍රියට ලබා දෙන වැටුපත් අසමා වීම ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය ලෙස හඳුන්වයි. කෙසේ වෙතත් මෙම වසරේදී අන්වසරවලට වඩා වැටුප් පරතරය යම්මට්ටමකින් පහත අගයක් ගෙන තිබුණද එය සැළකිය යුතු සාධනීය මට්ටමක් නොවන බව ලෝක ආර්ථික සම්මේලනය පෙන්වා දෙයි.

සමීක්ෂණය විසින් අනාවරණය කර ඇති පරිදි සාමාන්‍ය වශයෙන් කාන්තාවක් ලබන්නේ පුරුෂයෙකුගේ වැටුපෙන් සියයට 63ක් පමණකි. එමෙන්ම සමීක්ෂණය සඳහා යොදා ගත් රටවල් 149 අතරින් කිසිදු රටක කාන්තාවන් සාමාන්‍ය වශයෙව් පුරුෂයින්ට වඩා වැඩියෙන් හෝ සමාන ලෙස මුදල් නොඋපයන අතර සෑම රටකම කාන්තාවන්ගේ ආදායම පවතින්නේ පහළ මට්ටමකයි. එමෙන්ම බහුතරයක් රාජ්‍යයන්හී කාන්තාව ඉහළ තනතුරු සඳහා යොමු නොකිරීමද දැකිය හැකි බව සමීක්ෂණ වාර්ථාව පෙන්වා දෙයි.

ලොව ස්ත්‍රී පුරුෂ වැටුප් සමානත්වය වැඩිම හෙවත් අඩුම පරතරයක් ඇති රට වන්නේ අයිස්ලන්තයයි. දෙවැනියට නොර්වේ රාජ්‍ය්‍යද , ස්වීඩනය හා ෆින්ලන්තය ඊට පසුවද සිටී. ඒ අනුව ස්කැන්ඩිනේවියානු රටවල් ස්ත්‍රි පුරුෂ වැටුප් පරතරය අඩුම රටවල් අතර සිටී. කෙසේ වෙතත් ඊට අමතරව පරතරය අඩුම රටවල් 10 අතරට ලතින් ඇමරිකානු රටක් වන නිකරගුවාව පසුවන ස්ථානයේද , රුවන්ඩාව සහ නැම්බියාව 6 වන සහ 10 වන ස්ථානයේද, පිලපීනය 8වන ස්ථානයේ සම නවසිලන්තය 7වන ස්ථානයේද අයර්ලන්තය 9 වන ස්ථානයේද සිටී. මේ අනුව දියුණු රටවල් මෙන්ම තුන්වන ලෝකයේ රටවල්ද වැටුප් පරතරය අඩු රටවල් අතර තිබීම විශේෂත්වයකි.

එමෙන්ම ස්ත්‍රි පුරුෂ වැටුප් පරතරය වැඩියෙන්ම පවතින රටවල් අතර ඉහළින්ම ඇත්තේ යේමනය, සිරියාව, සහ ඉරාකයයි. ඒම රටවල කාන්තාවන් පුරුෂයන්ට වඩා සියයට 30ක් අඩු වෙන් වැටුප් ලබන අතර එහි පරතරය 97% ක් වේ.

එමෙන්ම ලෝකයේ රටවල් අතරරන් රටවල් 17ක වර්ථමානය වන විට රාජ්‍ය ්‍ය නායකයන් ලෙස කාන්තාවන් තනතුරු දරන අතර සියයට 18% පමාණයක් ලොව කාන්තාවන් අමාත්‍යධූර දරයි. කින්තාවන්ගෙන් 24%ක් පාර්ලිමේන්තු සාමාජිකාවන් වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි