×

Gmail පරදා email කියවන SHARPEXT

මෙම malware එකට තවමත් හානි කළ හැක්කේ Windows මෙහෙයුම් පද්ධති වලට පමණි.


උතුරු කොරියාවේ හැකර්වරුන් විසින් නිෂ්පාදනය කරන ලද පරිශීලකයින්ගේ Gmail සහ AOL ගිණුම් වලින් emails කියවීමට සහ download කිරීමට හැකි මින් පෙර නොවූ විරූ malware එකක් අනාවරණය ඇත. Cybersecurity සමාගමක් වන Volexity හි පර්යේෂකයන් විසින් ‘SHARPEXT’ නම් මෙම malware එක, Chrome සහ Edge සඳහා browser extension එකක් Install කිරීමට සමත් ක්‍රම භාවිතා කරන බව සොයා ගෙන ඇත. මේ Extension එක පිලීබඳව email සේවා මගින් අනාවරණය කර ගත නොහැකිවේ.

මෙය වසරකට වැඩි කාලයක් භාවිතා කර ඇති බව Volexity සමාගම විසින් වාර්තා කරන අතර එය SharpTongue නම් හැකර් කණ්ඩායමක නිර්මාණයක් ලෙස හදුනාගෙන ඇත. මෙම කණ්ඩායමට උතුරු කොරියානු රජය විසින් අනුග්‍රහය දක්වන බව වාර්තා වන අතර අනෙකුත් පාර්ශවයන් ලෙස Kimsuky නම් තවත් හැකර් කණ්ඩායමක්ද මේ හා සම්බන්ධ වී ඇතිබව පැවසේ.

මෙම SHARPEXT ඉලක්ක කරගෙන ඇත්තේ එක්සත් ජනපදයේ, යුරෝපයේ සහ දකුණු කොරියාවේ න්‍යෂ්ටික අවි සහ උතුරු කොරියාව සිය ජාතික ආරක්ෂාවට වැදගත් යැයි සලකන වෙනත් ගැටළු සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධාන බවයි විදෙස්මාධ්‍ය වාර්තා කරන්නෙ.

කෙසේවෙතත් මෙම malware එකට තවමත් හානි කළ හැක්කේ Windows මෙහෙයුම් පද්ධති වලට පමණි. Volexity සමාගමේ සභාපති Steven Adair මහතා පැවසුවේ එය macOS හෝ Linux මත ධාවනය වන browsers මත install කිරීමට තරම් එය පුළුල් කළ නොහැකි එකක් බවයි.

SOURCE: Forbs



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි