×

ඇමරිකාවට සුබ කලක්!

ඊයේ (22 මධ්‍යම රාත්‍රිය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබියදී මෙය අනුමත වීම විශේෂත්වයක් වන අතර එහි සංශෝධන මාලාවක් ඇතුළත්ව තිබුණු බව වාර්තා වේ.


සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 23, කොළඹ (LNW): 2024 සැප්තැම්බර් මාසය දක්වා ඇමෙරිකා රජයට අරමුදල් සපයන ඩොලර් ට්‍රිලියන 1.2ක වියදම් පැකේජයකට එරට සෙනෙට් සභාව එකඟතාව පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (22 මධ්‍යම රාත්‍රිය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබියදී මෙය අනුමත වීම විශේෂත්වයක් වන අතර එහි සංශෝධන මාලාවක් ඇතුළත්ව තිබුණු බව වාර්තා වේ.

ඊට ජනාධිපති ජෝ බයිඩ්න් අද(23) සිය අත්සන යොදා සහතික කිරීමට නියමිත අතර මෙමගින් ඇමෙරිකාවෙ ප්‍රධාන පක්ෂ දෙක අතර මාස ගණනාවක් පුරා පැවති ගැටුම්කාරී තත්ත්වය අවසන් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි