×

Google සමාගම ඔස්ට්‍රේලියාවේ ආයෝජනයක

මෙම ඝෘජු ආයෝජනය සමගින් ගුගල් සමාගම ඕස්ට්‍රේලියාවේ විද්‍යා ඒජන්සිය වන Commonwealth Scientific and Industrial Research Organisation (CSIRO) ඇතුළු දේශීය සංවිධාන සමඟ හවුල් කාරිත්වයක් ආරම්භ කරනු ඇත.


ඉදිරි වසර පහ තුළ ඔස්ට්‍රේලියාවේ ඩොලර් බිලයනයක් තම සමාගම ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බව Google සමාගම නිවේදනය කර ඇත.

එය එම සමාගම විසින් මේ දක්වා රටක් තුළ සිදු කරන විශාලතම ආයෝජනයයි.ගූගල් සමගාම පවසන්නේ මෙම මුදල් පර්යේෂණ මධ්‍යස්ථානයක් ගොඩනැගීමට, එහි අන්තර්ජාල ධාරිතාව ඉහළ නැංවීමට සහ දේශීය සංවිධාන සමඟ හවුල්කාරිත්වය සඳහා යොදවන බවයි.මෙම පියවර ඩිජිටල් අනාගතයකට මුලපිරීම ලෙස නම් කර ඇත.

ඉන් සෘජුවම රැකියා 6,000 ක් නිර්මාණය කිරීමට සහ සමස්තයක් ලෙස පොදුවේ 28,000 කට ඝෘජුව හා වක්‍රව සහායක් වනු ඇත.

“ඕස්ට්‍රේලියාවේ ලොව මීළඟ නවෝත්පාදන රැල්ලට නායකත්වය දීමටත්, ජන ජීවිත වැඩිදියුණු කිරීමට, රැකියා උත්පාදනය කිරීමට සහ සමාජ ප්‍රගතිය ඇති කිරීමට තාක්‍ෂණය උපයෝගී කර ගැනීමටත් උපකාර කළ හැකිය” යනුවෙන් ගූගල් ප්‍රධානියා වන සුන්දර් පිචායි සිඩ්නි නුවරදී මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන අතරතුරදී පැවසීය.

මෙම අවස්ථාවට ඕස්ට්‍රේලියානු අගමැති Scott Morrison ද එක්විය.මෙම ඝෘජු ආයෝජනය සමගින් ගුගල් සමාගම ඕස්ට්‍රේලියාවේ විද්‍යා ඒජන්සිය වන Commonwealth Scientific and Industrial Research Organisation (CSIRO) ඇතුළු දේශීය සංවිධාන සමඟ හවුල් කාරිත්වයක් ආරම්භ කරනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි