×

2020 වසරේ ගූගල් සර්ච් වාර්තා උඩු යටිකුරු කළ Coronavirus

කොවිඩ් වසංගතය හේතුවෙන් දෛනික ජීවිතයෙන් මිදී බොහෝ දෙනාට සැළකිය යුතු කාලයක් නිවෙස්වලට කොටු වී සිටීමට සිදු වූ අතර ඒ නිසා සිය රැකියා කටයුතු, අධ්‍යාපන කටයුතු, මානව සබඳතා අන්තර්ජාලය හරහා සිදු කිරීමට ලෝකවාසීන්ට සිදු වූ අතර ඒ සඳහා බොහෝදෙනාට Zoom හි පිහිට පැතීමට සිදු විය.


පසුගිය වසරේදී ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා වැඩිම සෙවුම් වාර ගණනක් වාර්තා කර තිබෙන්නේ ‘Coronavirus’ යන වචනයයි. විශේෂත්වය වන්නේ වැඩිම වාර ගණනක් සොය ඇති වචන 10 අතරට කොවිඩ් 19 වෛරසයට අදාල වචන තුනක් අන්තර්ගත වීමයි.

Coronavirus පළමු ස්ථානයේ පසුවෙද්දී එම ලැයිස්තුවේ 07 වැනි ස්ථානය ‘Coronavirus update’ යන වචනයත් 08 වැනි ස්ථානය ‘Coronavirus symptoms’ යන වචනයත් හිමි කරගෙන සිටිනවා.

පසුගිය වසර තුළ ලොව ජීවත් වූ යම් අයෙක් අවස්ථා කිහිපයකදී හෝ Coronavirus වදන භාවිතා නොකළේ නම් එය පුදුමයට කරුණකි. එවැනි තත්වයකට මේ වනවිට කොවිඩ් වෛරසය විසින් සමස්ත ලෝකයම තම වසඟයට ගෙන තිබෙනවා.

මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ Election results යන වදනයි. ඊට හේතුව ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමයි. පසුගිය වසරේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණය ඇමරිකානු ඉතිහාසයේ පැවති අතිශය උණුසුම් හා අතිශය තීරණාත්මක ජනාධිපතිවරණවලින් එකක් ලෙස වාර්තා වේ.

මෙම ජනාධිපතිවරණය ජයගත්, ඇමරිකාවේ මීලඟ ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ නම ගූගල් සෙවුම් ලැයිස්තුවේ අංක 09 හිමි කරගෙන තිබෙනවා.

කොවිඩ් 19 වෛරසයේ බලපෑම හේතුවෙන් මෙම ලැයිස්තුවට පැමිණීමට වාසනාවන්ත වූ තවත් වචන දෙකක් වන්නේ ‘Zoom’ හා ‘Google Classroom’ යන වචන දෙකයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් දෛනික ජීවිතයෙන් මිදී බොහෝ දෙනාට සැළකිය යුතු කාලයක් නිවෙස්වලට කොටු වී සිටීමට සිදු වූ අතර ඒ නිසා සිය රැකියා කටයුතු, අධ්‍යාපන කටයුතු, මානව සබඳතා අන්තර්ජාලය හරහා සිදු කිරීමට ලෝකවාසීන්ට සිදු වූ අතර ඒ සඳහා බොහෝදෙනාට Zoom හි පිහිට පැතීමට සිදු විය.
අධ්‍යාපනය ලබන අයට ඒ සඳහා පිහිටට පැමිණි Google Classroom ලොව වැඩිම ගූගල් සෙවුම් වාර ගණනකට හිමිකම් කියයි.

කොවිඩ් වසංගතය මධ්‍යයේ, ලොවපුරා වැඩිම ප්‍රේක්ෂක අවධානය දිනාගත්, පසුගිය වසරේ පැවති ජනප්‍රියතම ක්‍රීඩා ඉසව්ව වූ ඉන්දියානු ප්‍රීමියර් ලීගය (IPL) මෙම ලැයිස්තුවේ 05 වැනි ස්ථානයට පත්ව ඇති අතර විශේෂත්වය වන්නේ 2020 වසර මුල දියත් වූ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය (India vs New Zealand) මෙම ලැයිස්තුවේ 06 වන ස්ථානයට පත්වීමයි.

2020 වසරේදී ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩි සෙවුම් වාර ගණනක් වාර්තා කළ වචන 10
1 Coronavirus
2 Election results
3 Kobe Bryant
4 Zoom
5 IPL
6 India vs New Zealand
7 Coronavirus update
8 Coronavirus symptoms
9 Joe Biden
10 Google Classroom

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි